ප්‍රබල සාක්ෂියක් දැරීමට අවස්ථාවක්!
1. අසන්න ලැබෙන දේට අමතරව අමුත්තන්ගේ සිත්ගැනීමට ඉඩ ඇත්තේ වෙන කුමක්ද? විස්තර කරන්න.
1 ඒ අවස්ථාව කුමක්ද? යේසුස්ගේ මරණය සිහි කිරීමයි. ඒ සඳහා අන් අයට ආරාධනා කිරීමට අප විශාල වෑයමක් දරනවා. එදින පැමිණෙන අමුත්තන්ට අසන්න ලැබෙන දේවලින් පමණක් නොව දකින්න ලැබෙන දේවලින්ද ප්‍රබල බලපෑමක් ඇති වන බව ස්ථිරයි. සිහි කිරීමට පැමිණි කාන්තාවක් නිරීක්ෂණය කළ දෙයින් එය පැහැදිලි වෙනවා. එහි සිටි සෑමදෙනාම මිත්‍රශීලී බව ඇය දුටුවා. ඔවුන් රැස් වූ ස්ථානය අලංකාරවත්ව හා පිරිසිදුව තබාගැනීමට සියලුදෙනා කැමැත්තෙන්ම හවුල් වූ ආකාරයත් ඇය දුටුවා. එය ඇගේ සිත්ගත්තා. එමනිසා කථිකයා පමණක් නොව අප සියලුදෙනාම එම විශේෂ අවස්ථාවේදී ප්‍රබල සාක්ෂියක් දීමට සහයෝගයෙන් ක්‍රියා කරමු!—එෆී. 4:16.
2. පැමිණෙන අමුත්තන්ට සාක්ෂියක් දරන්න අප සියලුදෙනාට පුළුවන් කොහොමද?
2 අමුත්තන්ව සාදරයෙන් පිළිගනිමු: අප සිනහමුසු මුහුණින් අමුත්තන්ව පිළිගන්නා විට එයද ඔවුන්ට කදිම සාක්ෂියක් වෙයි. (යොහ. 13:35) පැමිණෙන සියලුදෙනා සමඟ කතා කිරීමට නොහැකි වුණත් අප අසල සිටින අය සමඟ කතා කරමින් ඔවුන්ට අපව හඳුන්වා දීමට හැකියි. (හෙබ්‍රෙ. 13:1, 2) සිහි කිරීමට පැමිණීම සඳහා කළ ආරාධනය පිළිගෙන පැමිණෙන සමහර අය අපගෙන් කිසිවෙකුව හඳුනන්නේ නැතුව ඇති. එවැනි අය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න. “ඔයා මේ රැස්වීමට ආවේ මුල් වතාවටද” කියා එවැනි කෙනෙකුගෙන් ඇසිය හැකියි. ඔබ සමඟ අසුන්ගැනීමට ඒ පුද්ගලයාට ආරාධනා කරන්න. ඔහු අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. තවත් සභාවක් ඔබේ නමස්කාර මධ්‍යස්ථානය භාවිත කිරීමට නියමිත නම් ඔබට එම ස්ථානයෙන් ඉක්මනින්ම පිට වීමට සිදු වන නිසා ඔබට මෙසේ පැවසිය හැකියි. “මේ රැස්වීම ගැන ඔයා මොනවද හිතන්නේ? ඒ ගැන ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඔයාව වෙන වෙලාවක හම්බ වෙන්න පුළුවන්ද?”
3. අක්‍රියාශීලී අයව පිළිගන්න පුළුවන් කොහොමද?
3 අක්‍රියාශීලී අයව සාදරයෙන් පිළිගනිමු: නමස්කාර කටයුතුවල එතරම් හවුල් නොවන අය ඇතුළු අක්‍රියාශීලී ප්‍රචාරකයන් මෙම විශේෂ අවස්ථාවට සහභාගි වන බවට කිසිම සැකයක් නැහැ. ඔවුන්ව සාදරයෙන් පිළිගන්න. ඔවුන්ව දැකීම විශාල ප්‍රීතියක් බව අවංකව පවසන්න. (රෝම 15:7) වැඩි කාලයක් යෑමට පෙර ඔවුන්ව හමු වීමට ගොස් නැවත සභාව සමඟ ක්‍රියාශීලීව ඇසුරු කරන්න කියා දිරිගැන්වීමට වැඩිමහල්ලන්ට හැකියි. සිහි කිරීමට පැමිණි බොහෝදෙනෙක් ඔවුන් ඇසූ දේවල් නිසා පමණක් නොව ‘අපේ යහපත් ක්‍රියා දැකීමෙන්ද’ යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරනවා දැකීම අපේ අවංක ආශාවයි.—1 පේතෘ. 2:12.