සාදරෙන් පිළිගනිමු!
1. ප්‍රබල සාක්ෂියක් දෙන්න ලැබෙන අවස්ථාව මොකක්ද? ඒ ඇයි?
1 වාර්ෂිකව පවත්වන සිහි කිරීම තරම් සාක්ෂියක් දෙන්න කදිම අවස්ථාවක් තවත් නැති තරම්. මේ වසරේ මිලියන දහයකට වඩා නවකයන් සිහි කිරීමට පැමිණෙයි කියා බලාපොරොත්තු වෙනවා. එදාට දෙන කතාවෙදි යේසුස්ගේ ජීවිත පූජාවෙන් යෙහෝවා දෙවිත් යේසුත් පෙන්වපු ප්‍රේමය ගැන දැනගන්න එයාලට පුළුවන් වෙනවා. (යොහ. 3:16; 15:13) දෙවි දුන් එම තෑග්ග නිසා ලැබෙන ආශිර්වාද ගැනත් එයාලා දැනගන්නවා. (යෙසා. 65:21-23) එදාට ප්‍රබල සාක්ෂියක් දෙන්නෙ කථිකයා විතරක් නෙමෙයි. අපි හැමෝටමත් නවකයන්ව සාදරයෙන් පිළිගෙන හොඳ සාක්ෂියක් දෙන්න පුළුවන්.—රෝම 15:7.
2. නවකයන්ව සාදරෙන් පිළිගන්න පුළුවන් කොහොමද?
2 වැඩසටහන පටන්ගන්න කල් ඔබ නිහඬව ඉන්නැතුව ළඟ ඉන්න අයත් එක්ක කතා කරන්න. අලුතින් ආපු අයව දැන හඳුනා ගන්න. අලුතෙන් ආවම කෙනෙක්ට භයක් හරි ලැජ්ජාවක් හරි දැනෙන්න පුළුවන් නිසා එයාලා එක්ක සුහදව කතාබහ කරන එක එයාලට ලොකු සහනයක්. අලුතින් ආව කෙනා ආවෙ ආරාධනා පතක් ලැබිලා මුල් වතාවටද නැත්නම් සභාවේ කෙනෙක්ව අඳුරනවාද කියා එයාගෙන්ම අහන්න. ළඟින් ඉඳගන්න කියලා ඔයාගේ බයිබලයයි ගීතිකා පොතයි එයාට පෙන්නන්න. නමස්කාර මධ්‍යස්ථානයේ සිහි කිරීම පවත්වද්දී වෙලාව තියෙනවා නම් ශාලාව ඇතුළ හා පිටත පෙන්නන්න පුළුවන්. කතාවෙන් පස්සෙ නවකයෙකුට අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර දෙන්න. තවත් සභාවක් ස්ථානය පාවිච්චි කරන නිසා ඔබට ඉක්මනින් යන්න වෙනවා නම් මෙහෙම අහන්න. “රැස්වීම ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාව අයෙත් හම්බෙන්න ක්‍රමයක් තියෙනවාද?” ඊටපස්සේ පුළුවන් ඉක්මනින්ම එයාව හමු වෙන්න සැලසුම් කරන්න. වැඩිමහල්ලන් විශේෂයෙන්ම අක්‍රියාශීලී ප්‍රචාරකයන්ට වැඩි අවධානයක් දීලා එයාලව දිරිගන්වන්න අවශ්‍යයි.
3. සිහි කිරීමට එන නවකයන්ව සාදරෙන් පිළිගන්න ඕනෙ ඇයි?
3 බොහෝ නවකයන්ට සාක්ෂිකරුවන් අතර තියෙන සාමය සතුට හා එක්සත්කම දකින්න ලැබෙන මුල්ම වතාව සිහි කිරීමට එන අවස්ථාවයි. (ගීතා. 29:11; යෙසා. 11:6-9; 65:13, 14) එයාලව සාදරයෙන් පිළිගන්න මුල් පියවර ගනිමු. ඒ ප්‍රේමණීය සැලකිල්ල හැමදාමත් එයාලගේ මතකයේ තියේවි.