‘දෙවිගේ නාමය සැමදා ශුද්ධව පවතීවා!’
1. චාරිකා එක්රැස්වීමේ තේමාව කුමක්ද? එය පදනම්ව තිබෙන්නේ කුමක් මතද?
1 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ නාමය දැරීමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! වර්ෂ 1931 සිට අපව හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියායි. (යෙසා. 43:10) ඒ නම අපට ලබා දුන්නේ යෙහෝවා දෙවි විසින්මයි. දෙවිගේ එකම පුත්‍රයා වන යේසුස් දෙවිගේ නාමය කොතරම් ඉහළින් සැලකුවාද කියනවා නම් ඔහු ඉගැන්වූ යාච්ඤාවේ මුලින්ම සඳහන් කළේ ඒ ගැනයි. (මතෙ. 6:9) වර්ෂ 2012 චාරිකා එක්රැස්වීමේ වැඩසටහන සඳහා තෝරාගෙන තිබෙන්නේ “දෙවිගේ නාමය සැමදා ශුද්ධව පවතීවා” යන යේසුස්ගේ එම වදනුයි.
2. සවන් දීමට බලාපොරොත්තු වන්නේ කුමන තොරතුරුද?
2 ඉදිරිපත් කරන කතා: සෙනසුරාදා දෙනු ලබන “පූර්ණකාලීන දේවසේවකයන් ලෙස දෙවිගේ නාමය දන්වන්න” යන කතාවෙන් පූර්ණකාලීන සේවය ආශීර්වාද ලත් සේවයක් වීමට හේතුව පෙන්වා දෙනවා. “දෙවිගේ නමට අගෞරව නොකිරීමට වගබලා ගන්න” නමැති කතා මාලාවෙන් අප හසු නොවිය යුතු උගුල් හතරක් ගැනත් අපට අවබෝධයක් ලැබෙනවා. එතරම් උනන්දුවක් නොදක්වන අයට පවා උද්යෝගයෙන් දේශනා කිරීමට අපට උපකාර වන්නේ කුමක්ද? දේවසේවය අර්ථවත් ලෙස කිරීමට අපට ලැබෙන උපකාර මොනවාද? එම ප්‍රශ්නවලට “දෙවිගේ නාමය ගෞරවයට පත් කළ යුත්තේ ඇයි” යන කතාවෙන් පිළිතුරු ලැබෙයි. ඉරිදා කොටස් හතරකින් යුත් කතා මාලාවෙන් අපේ සිතුවිලි, කතාබහ, තීරණ හා හැසිරීම මගින් දෙවිගේ නම ගෞරවයට පත් කළ හැකි ආකාරය දැනගත හැකියි. නවකයන් ප්‍රසිද්ධ කථාව හුඟක් අගය කරයි. එහි මාතෘකාව, “හර්මගෙදොන්හිදී දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය විශුද්ධ කරයි.”
3. අපට තිබෙන වරප්‍රසාදය කුමක්ද? කුමක් සඳහා මෙම එක්රැස්වීම අපට ප්‍රයෝජනවත් වෙයිද?
3 ඉතාම ළඟදී දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කිරීම සඳහා දෙවි පියවර ගනියි. (එස. 36:23) එතෙක් යෙහෝවා යන නාමයට ගෞරවය පැමිණෙන ආකාරයට කටයුතු කිරීමේ වරප්‍රසාදය අප සියලුදෙනාටම ලැබී තිබෙනවා. දෙවිගේ නාමය දැරීම බැරෑරුම් වගකීමක්. එය සැහැල්ලුවට නොගැනීම සඳහා මෙම එක්රැස්වීම අප සැමට උපකාරවත් වන බව සහතිකයි.