අපගේ ගීතිකා රස විඳිය හැකි කදිම ක්‍රමයක්
අප සංගීතය සලකන්නේ දෙවිගෙන් ලැබී ඇති ත්‍යාගයක් ලෙසයි. (යාකො. 1:17) බොහෝ සභාවල රැස්වීම් ආරම්භ වීමට පෙර සහ රැස්වීමෙන් පසුව අපගේ ගීතිකා වාදනය කරනවා. දෙවිට නමස්කාර කිරීම සඳහා එය අපගේ මනස් සූදානම් කර අප තුළ සන්සුන්කමක් ඇති කරයි. එමෙන්ම නව තනු සහිත අපගේ අලුත් ගීතිකා එසේ වාදනය වන විට අප ඒවාට හොඳින් හුරු වන අතර රැස්වීම්වලදී ඒවා නිවැරදිව ගායනා කිරීමටත් අප පුහුණු වෙනවා. රැස්වීම්වලට පසුව එසේ ගීතිකා වාදනය කිරීම තුළින් දිරිගන්වන ඇසුරක් භුක්ති විඳීමට අපට කදිම පසුබිමක් සලසා දෙනවා. රැස්වීමට පෙර හා පසුව වාදනය කරන ගීතිකා හොඳින් සැලසුම් කිරීමට වැඩිමහල් මණ්ඩලයට හැකියි. මෙහිදී රැස්වීමෙන් පසුව සහෝදර ඇසුරට බාධා නොවන අයුරින් එම ගීතිකා වාදන වන බවට වැඩිමහල්ලන් වගබලා ගැනීම අවශ්‍යයි.