යෙහෝවා දෙවිගේ—විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 1වන කොටස: අඳුරෙන් එළියට
බයිබලයේ ඇති සත්‍ය ඉගැන්වීම් ආලෝකයටත් බොරු ඉගැන්වීම් අන්ධකාරයටත් සමාන කර තිබෙනවා. (ගීතා. 43:3; යෙසා. 5:20) ඒවව රැවටූ අවස්ථාවේ සිට, සාතන් බොරු ඉගැන්වීම්වලින් මේ ලෝකය අඳුරු කර තිබෙනවා. අවසානයේදී මුළු මිනිස් වර්ගයාවම ඔහු ඒ අඳුරට ඇද දැම්මා. (එළි. 12:9) යෙහෝවා දෙවිගේ—විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 1වන කොටස: අඳුරෙන් එළියට යන DVD තැටියේ, දෙවි පිළිබඳ සත්‍යය නමැති ආලෝකය ක්‍රමක්‍රමයෙන් බැබළෙන්න පටන්ගත්තේ කොහොමද කියා පැහැදිලි කර දෙනවා. (යෙසා. 60:1, 2) මෙම DVD තැටිය නැරඹීමෙන් පසුව මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන්ද කියා බලන්න.
(1) යේසුස්ගේ නියෝජිතයන්ගේ වියෝවෙන් පසුව අඳුරු කාලයක් ඇති වුණේ කොහොමද? (2) පල්ලිය යන දිශාව වැරදි බව මිනිසුන්ට තේරුම්ගැනීමට 1100 ගණන්වල සිදු වූ කුමන සිද්ධීන් දායක වුණාද? (3) හෙන්රි ගෲ සහ ජෝජ් ස්ටෝස් කියන්නේ කාටද? (4) ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්න චාල්ස් රසල්ට බලපෑ සිදුවීම් මොනවාද? (5) චාල්ස් රසල්, ඔහුගේ පියා සහ මිතුරන් කිහිපදෙනෙකු සමඟ බයිබලය අධ්‍යයනය කළේ කොහොමද? ඔවුන් සොයාගත් දේවල් මොනවාද? (6) රසල්ගේ බයිබල් පාඩම් කණ්ඩායම නෙල්සන් බාබගේ කණ්ඩායම සමඟ එකතු වුණේ කොහොමද? පසුව සහෝදර රසල් එම කණ්ඩායමෙන් ඉවත් වුණේ ඇයි? (7) වර්ෂ 1879 ජූලි මාසයේදී සත්‍යය නමැති ආලෝකය විහිදුවණු ලැබුවේ කොහොමද? (8) ගණනින් වැඩි වෙමින් සිටි බයිබල් ශිෂ්‍යයන් ශුභාරංචිය පැතිරවීම සඳහා කළේ කුමක්ද? (9) කාලයක් පුරා බයිබල් ශිෂ්‍යයන් බලා සිටියේ 1914දී කුමන දේවල් සිදු වන තුරුද? (10) සහෝදර රසල් මිය ගිය පසු බයිබල් ශිෂ්‍යයන්ට මුහුණ දීමට සිදු වූ අභියෝග මොනවාද? (11) සහෝදර රදෆර්ඩ් සහ අනික් අය හිරෙන් නිදහස් වූ පසු බයිබල් ශිෂ්‍යයන් කළේ කුමක්ද? (12) මෙම DVD තැටිය නැරඹීමෙන් යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන තිබූ ඔබේ අගය වැඩි වුණේ කොහොමද? (13) බාධක මැද උද්යෝගයෙන් දේශනා කරන්න ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරගන්න මෙම DVD තැටිය ඔබට උපකාරවත් වුණේ කොහොමද? (14) නෑදෑ හිතමිතුරන්, බයිබල් ශිෂ්‍යයන් වැනි අයට උපකාර කරන්න මෙම DVD තැටිය පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
මුල් බයිබල් ශිෂ්‍යයන් අපි වෙනුවෙන් තබා ගියේ මොන තරම් අමිල උරුමයක්ද! බොරු ඉගැන්වීම් නිසා අඳුරු වූ ලෝකයක ඔවුන් ජීවත් වුණත් උද්යෝගයෙන් හා නිර්භීතව සත්‍යය නමැති ආලෝකය විහිදෙව්වා. ඔවුන්ව ආදර්ශයට ගනිමින් අපිත් ‘දිගටම ආලෝකයේ දරුවන් ලෙස ජීවත් වෙමු.’—එෆී. 5:8.