දේවසේවයට අපිව පොලඹවන්නේ මොකක්ද?
1. දේවසේවයේ හවුල් වෙන්න අපිව පොලඹවන්නේ කා සඳහා තියෙන ප්‍රේමයද?
1 ඉතුරු වෙලා තියෙන මේ ටික කාලයේ දේවසේවයේ හවුල් වීම තරම් වැදගත් තවත් දෙයක් නෑ. දෙවියන්ට සහ අසල්වැසියන්ට ප්‍රේම කරන්න කියලා දීලා තියෙන ආඥා දෙකම ඉටු කරන්න දේවසේවය කදිම අවස්ථාවක්. (මාක් 12:29-31) උනන්දුවෙන් දේවසේවය කරන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන්නේ ප්‍රේමයයි.—1 යොහ. 5:3.
2. දෙවියන්ට තියෙන ප්‍රේමය දේවසේවයෙන් පෙන්වන්න පුළුවන් කොහොමද?
2 යෙහෝවා දෙවියන්ට තියෙන ප්‍රේමය: සාතන් අවුරුදු 6,000ක විතර කාලයක් පුරා යෙහෝවා දෙවිට නින්දා කරලා තියෙනවා. (2 කොරි. 4:3, 4) එහෙම කරලා තියෙන්නේ පව්කාරයන්ව අපායෙ දාලා පුච්චනවා, දෙවියන් කියන්නේ අභිරහස් ත්‍රිත්වයක්, දෙවියන්ට මිනිස්සු ගැන කිසිම තැකීමක් නෑ වගේ ඉගැන්වීම් පැතිරවීමෙන්. හුඟදෙනෙක් දෙවියන් ඉන්නවා කියලවත් විශ්වාස කරන්නෑ. ඒත් අපිට ඕනේ මිනිස්සුන්ට දෙවියන් ගැන ඇත්ත කියලා දෙන්න. ඒකට අපිව පොළඹවන්නේ අපේ හොඳම මිතුරා වන යෙහෝවා දෙවිට තියෙන ආදරයයි. අපි මහන්සි වෙලා දෙවියන් ගැන අනිත් අයට කියා දෙද්දී ඔහුගෙ හිතට දැනෙන්නෙ ලොකු සතුටක්. සාතන්ට නම් ඒක ලොකු වේදනාවක්.—හිතෝ. 27:11; හෙබ්‍රෙ. 13:15, 16.
3. අසල්වැසියාට ප්‍රේම කරනවා කියලා අපේ සේවයෙන් පෙන්වන්නේ කොහොමද?
3 අසල්වැසියාට තියෙන ප්‍රේමය: අපි කෙනෙක්ට දේශනා කරද්දී ඒකෙන් පෙන්වන්නේ අපි ඒ කෙනාට ඇත්තටම ප්‍රේම කරනවා කියලයි. මේ දුෂ්කර කාලයේදී ශුභාරංචියක් අහන්න මිනිස්සු ආසාවෙන් බලං ඉන්නවා. හුඟක් අය “හරි වැරැද්ද අතර වෙනස නොදන්න” යෝනාගේ කාලයේ හිටිය නිනිවයේ වැසියන් වගේ. (යෝනා 4:11) අපේ සේවයෙන් මිනිස්සුන්ට සතුටක් වගේම අරමුණක් ඇතුව ජීවත් වෙන්නත් උගන්වනවා. (යෙසා. 48:17-19) ඒ වගේම ජීවිතේට බලාපොරොත්තුවක් ලබා දෙනවා. (රෝම 15:4) ඉගෙනගන්නා දේවල් අදාළ කරගත්තොත් එයාලට ‘ගැලවීමත් ලැබෙනවා.’—රෝම 10:13, 14.
4. යෙහෝවා දෙවිට අමතක වෙන්නැත්තේ මොකක්ද?
4 හොඳ දරුවෙක් අම්මටයි තාත්තාටයි තියෙන ආදරේ පෙන්වන්නෙ එක වෙලාවකදි විතරක් නෙමෙයි, හැම වෙලාවෙම එහෙම කරන්න උත්සාහ කරනවා. ඒ වගේ යෙහෝවා දෙවියන්ටයි අසල්වැසියන්ටයි තියෙන ප්‍රේමය අපි පෙන්වන්නෙ ගෙයින් ගෙට සේවයේ යන වෙලාවෙදි විතරක් නෙමෙයි, හැම වෙලාවෙම. අවස්ථාව ලැබෙන හැම වෙලාවෙම සාක්ෂි දැරීමෙන් අපි ඒ ප්‍රේමය පෙන්වනවා. (ක්‍රියා 5:42) අපි පෙන්වන ඒ ප්‍රේමය යෙහෝවා දෙවියන් කවදාවත් අමතක කරන්නෑ.—හෙබ්‍රෙ. 6:10.