අත්හදා බැලීමට යෝජනා
සැප්තැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“අද අපි ආවෙ පවුල් ජීවිතේ සන්තෝෂයෙන් ගත කරන්න උදව් වෙන දෙයක් ගැන කතා කරන්න. ඔයා හිතන විදිහට පවුල් ජීවිතේ සතුට නැති වෙන්න බලපාන ලොකුම හේතුව මොකක්ද?” [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරාව දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මුරටැඹ සැප්තැම්බර් 1
“අද ගොඩක් අය කල්පනා කරනවා මිනිස්සු මෙච්චර දුක් විඳිද්දී දෙවියන් මුකුත් කරන්නැත්තෙ ඇයි කියලා. ඔයත් ඒ ගැන හිතලා තියෙනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපි අද්දකින දුක වේදනාව නැති වෙනවා කියලා බයිබලේ සඳහන් වෙනවා. [එළිදරව් 21:4 කියවන්න.] මෙච්චර දුක් කම්කටොලු තියෙන්නේ ඇයි කියන එකට හේතු පහක් මේ සඟරාවේ පෙන්නලා තියෙනවා. ඒ වගේම දෙවියන් මේ දුක් කම්කටොලු නැති කර දාන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! සැප්තැම්බර්
“අද අපි හැමෝම එක්ක වැදගත් දෙයක් කතා කළා. ඔයා හිතන විදිහට විවාහක යුවළකට එකිනෙකාට සමාව දෙන එක අමාරු ඇයි? [ප්‍රතිචාරයට ඉඩහරින්න] සමාව දෙන එක කොච්චර වටිනවාද කියලා මං ඔයාට පෙන්නන්න ආසයි. [කොලොස්සි 3:13 කියවන්න.] එකිනෙකාට සමාව දෙන්න කරන්න ඕන දේවල් මොනවාද කියලා මේ සඟරාවේ තියෙනවා.