“කීප සැරයක්ම ගියත් හම්බ වුණේ නැහැ”
ඔයාත් කවදා හරි එහෙම කියලා තියෙනවාද? උනන්දුව දක්වපු කෙනෙක්ව කීප සැරයක්ම හම්බ වෙන්න ගියත් හම්බ වුණේ නැති නිසා එයාගේ උනන්දුව තව වැඩි කරන්න ඔයාට බැරි වුණාද? (1 කොරි. 3:6) සමහර ප්රචාරකයන් ඒ වගේ කෙනෙකුට ලියුමක් යවනවා. නැත්නම් දොරකඩ පුංචි සටහනක් තියලා එනවා. උනන්දුව දක්වන කෙනාව ආයෙ හම්බ වෙන එක ලේසි නෑ කියලා හිතෙන වෙලාවට එයාගේ ටෙලිෆෝන් නොම්බරේ ඉල්ලගෙන “මම කෝල් එකක් දීලා එන්නම්” කියලා කියන අවස්ථාත් තියෙනවා. ලියුමකින්, ඊමේල් එකකින්, SMS එකකින්, කෝල් එකකින් හරි නැත්නම් පුංචි සටහනක් දොරකඩින් තියන එකෙන් හරි සාක්ෂි දරනවා නම් ඒක නැවත බැලීමක් විදිහට වාර්තා කරන්න පුළුවන්. ඒකෙන් පේන්නේ උනන්දුව දක්වන කෙනාව නිතර හමු වුණේ නැතත් එයාගේ උනන්දුව වැඩි කරන්න අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා කියන එකයි.