ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 7 පි.
  • සේවයේ දක්ෂ වීමට - දුරකථනයෙන් සාක්ෂි දරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - දුරකථනයෙන් සාක්ෂි දරන්න
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දුරකථනයෙන් සාර්ථකව සාක්ෂි දැරීම
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • දුරකථනය සාක්ෂි දැරීමට සාර්ථක ක්‍රමයක්
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂ වීමට ආපහු යන්න මඟ සලසගන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • “කීප සැරයක්ම ගියත් හම්බ වුණේ නැහැ”
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 7 පි.
පින්තූරවල අදහස: යෞවන සහෝදරයෙක් මහලු යුවළක් එක්ක දුරකථනයෙන් සාක්ෂි දරනවා. 1. ඒ සහෝදරයා ව්‍යාපාරිකයෙක්ට දුරකථනයෙන් සාක්ෂි දරනවා. 2. ව්‍යාපාරිකයා සහෝදරයා කියන පණිවිඩයට ඇහුම්කන් දෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - දුරකථනයෙන් සාක්ෂි දරන්න

ඒක වැදගත් ඇයි? දුරකථනයෙන් සාක්ෂි දරන එක “ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක්” දරන්න හුඟක් උදව් වෙනවා. (ක්‍රියා 20:24)a විවිධ හේතු නිසා මුණගැහෙන්න බැරි අයට සාක්ෂි දරන්න ඒක හොඳ ක්‍රමයක්.

ඒක කරන්නේ කොහොමද?

  • ඒ යෞවන සහෝදරයාම බයිබල් පද බලලා කෙටි සටහන් ගනිමින් දුරකථනයෙන් සාක්ෂි දරන්න සූදානම් වෙනවා.

    සූදානම් වෙන්න. ගැළපෙන විෂයක් තෝරගන්න. කියන්න යන දේ ගැන දළසටහනක් සකස් කරගන්න. සමහර දුරකථනවල පණිවිඩ ස්වයංක්‍රීයව පටිගත කරන පහසුකම තියෙන නිසා ඇමතුම ගත්ත හේතුව ගැන සඳහන් කෙටි පණිවිඩයකුත් සූදානම් කරලා තියාගන්නත් පුළුවන්. ‘JW ලයිබ්‍රරි’ ඇප් එකට හරි jw.org® වෙබ් අඩවියට හරි යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනික උපකරණයක්, දළසටහනක් වගේ අවශ්‍ය දේවලුත් මේසයක් මත සූදානම් කරලා තියාගන්න එක ප්‍රයෝජනවත්

  • මහලු සහෝදරයාට දුරකථනයෙන් සාක්ෂි දරන්න යෞවන සහෝදරයා උදව් කරනවා.

    කලබල වෙන්න එපා. සාමාන්‍ය විදිහට කතා කරන්න. මූණ බලාගෙන කතා කරනවා වගේ සිනාමුසුව කතා කරන්න. නවත්ත නවත්ත කතා කරන්න එපා. පුළුවන් නම් සාක්ෂි දරද්දී තව කෙනෙක්වත් හවුල් කරගන්න. නිවැසියා ප්‍රශ්නයක් ඇහුවොත් ඒක ඔයාගේ සහායකයාටත් ඇහෙන්න ආපහු කියන්න. එතකොට ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න උදව් කරන්න එයාට පුළුවන් වෙයි

  • යෞවන සහෝදරයා jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ එකක ලින්ක් එකක් යවනවා.

    නැවත බැලීමකට මඟ සලසගන්න. කතා කරන කෙනා උනන්දුවක් දැක්වුවොත් ඊළඟ වතාවේ කතා කළාම සාකච්ඡා කරන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් එයාට තියන්න. අපේ ප්‍රකාශනයක් ඊ-මේල් එකකින් හරි තැපෑලෙන් හරි එවන්නද කියලා නැත්නම් ඔයාම ඇවිත් දෙන්නද කියලා එයාගෙන් අහන්න. ඒ වගේම අපේ වීඩියෝ එකක් හරි ලිපියක් හරි මෙසේජ් කරන්නද නැත්නම් ඊ-මේල් කරන්නද කියලත් අහන්න. සුදුසු අවස්ථාවකදී අපේ වෙබ් අඩවියේ තියෙන දෙයක් ගැන කියන්නත් ඔයාට පුළුවන්

a ඔයාගේ ප්‍රදේශයේ දුරකථනයෙන් සාක්ෂි දරන්න අවසර තියෙනවා නම් ඒක කරද්දී පෞද්ගලික දත්ත රැකීම පිළිබඳව රටේ පවතින නීති ගැන සැලකිලිමත් වෙන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න