ඒක වැදගත් ඇයි? කෙනෙක් පණිවිඩයට උනන්දුවක් දැක්වුවාම ආපහු ගිහින් ඒ උනන්දුව තව වැඩි කරන්න ඕනේ. (1 කොරි. 3:6) එහෙම කරන්න නම්, මුල් වතාවෙදිම ආපහු යන්න මඟ සලසගන්න එක වැදගත්. මුලින්ම ඔහුව ආපහු හමු වෙන්න පුළුවන් දවසක් ගැන අහන්න. ඒ වගේම පිට වෙන්න කලින් ඊළඟ වතාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන කරුණක් ගැන ප්රශ්නයකුත් අහන්න. එතකොට උත්තරේ දැනගන්න නිවැසියාට ආසාවක් ඇති වෙයි. අපි දෙන සඟරාවේ හෝ පොතේ ඒ කරුණ ගැන තියෙනවා නම් ඒක කියවන්නත් ඔහු උනන්දු වෙයි. ඊළඟ වතාවේ කතා කරන දේ ඔහු දැනගෙන ඉන්න එක සාකච්ඡා කරන්න පහසුවක්. ආයෙත් ගියාම ඒ ප්රශ්නෙට උත්තර දෙන්නයි ආවේ කියලා කියන්න අපිට පුළුවන්.
මාසය තුළ මෙය අත්හදා බලන්න
 සේවයේදී කියන්න යන දේවල් ලෑස්ති වෙද්දී ආපහු ගියාම උත්තර දෙන්න පුළුවන් ප්රශ්නයකුත් සූදානම් කරගන්න. ඔබ එක්ක සේවයේ යන අයත් එක්ක ඒ ගැන කතා කරන්න.