යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සේවයේ දක්ෂ වීමට - ආපහු යන්න මඟ සලසගන්න
ඒක වැදගත් ඇයි?
අපි පැළ කරන බීජවලට වතුර දාන්න ඕනේ. (1කොරි 3:6) ඒ නිසා උනන්දුවක් දක්වන කෙනෙක් හම්බ වුණොත් ඊළඟ වතාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන කරුණක් ගැන ප්‍රශ්නයක් අහන්න. එතකොට උත්තරේ දැනගන්න නිවැසියා ආසාවෙන් බලාගෙන ඉඳියි. ප්‍රශ්නයක් අහන එක, සූදානම් වෙන්න අපිටත් පහසුවක්. ආයෙත් ගියාම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නයි ආවේ කියලා කියන්න අපිට පුළුවන්.
ඒක කරන්නේ කොහොමද?
සේවයේ යන්න ලෑස්ති වෙද්දී ආපහු ගියාම උත්තර දෙන්න ප්‍රශ්නයක් සූදානම් කරගන්න. ඒක ඉදිරිපත් කරන සඟරාවක තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බයිබල් පාඩමක් පවත්වන්න පාවිච්චි කරන පොතක හෝ සඟරාවක තියෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.
සාකච්ඡාව ඉවර වෙන්න කලින්, ආයෙත් ඇවිත් ඔබ සූදානම් කරගත්ත ප්‍රශ්නය ඔහු එක්ක සාකච්ඡා කරන්න කැමතියි කියලා කියන්න. පුළුවන් නම් ඔහුව ආපහු හමු වෙන්න අවශ්‍ය තොරතුරු ලබාගන්න.
ඔබ එනවා කියලා නිවැසියාට වෙලාවක් දුන්නොත් ඒ වෙලාවටම යන්න.—මතෙ 5:37.