ප්‍රමාද නොකර නැවත බැලීම් කරන්න
1. යේසුස්ගේ ගෝලයෙක් වීමට කෙනෙකුට උපකාර කරන්න කුමක් කළ යුතුද?
1 යෙහෝවා දෙවිගේ රාජ්‍යය ගැන ඉගෙනගෙන යේසුස්ගේ ගෝලයෙක් වෙන්න කෙනෙක් කැමති නම් ඔහුව හමු වීමට නැවත යා යුතුයි. (මතෙ. 28:19, 20) ඔබත් උනන්දුව දක්වන කෙනාත් නැවත බැලීම සඳහා සුදුසුම වෙලාව තීරණය කළ යුතුයි. මුල් හමු වීමෙන් පසු නැවත යෑම පමා නොකළ යුත්තේ ඇයි?
2, 3. හැකි ඉක්මනින් නැවත බැලීමට යා යුත්තේ ඇයි?
2 හැකි ඉක්මනින් යා යුත්තේ ඇයි? “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීමේ කාර්යයේ අවසානය හා පවතින සමාජයේ අවසානය අත ළඟයි. (මතෙ. 24:14; 1 පේතෘ. 4:7) ‘ගැලවීමේ දවසට’ ඇතුල් වෙන්න උනන්දුව දක්වන අයට තවමත් ඉඩකඩ තිබෙනවා. එමනිසා අපි ‘හදිසිතාවේ හැඟීමකින් යුක්තව දේශනා කරන්න’ යන ආඥාව ඉටු කළ යුතුයි. දැක්වූ උනන්දුව වර්ධනය කිරීම සඳහා හැකි ඉක්මනින් නැවත බැලීමට යෑමද ඊට ඇතුළත්.—2 කොරි. 6:1, 2; 2 තිමෝ. 4:2.
3 සාතන් උත්සාහ කරන්නේ උනන්දුව දැක්වූ කෙනාගේ සිත තුළ තිබෙන පණිවිඩය පැහැරගන්නයි. (මාක් 4:14, 15) පවුලේ සාමාජිකයන්, සෙසු සේවකයන් හා වෙනත් අය උනන්දුව දක්වා ඇති අයව බොහෝවිට විහිළුවට ලක් කරනවා. වෙනත් අය ඔවුන්ගේ උනන්දුව නැති කර දැමීමට පෙර අපි ඉක්මනින්ම ඔවුන්ව බැලීමට යා යුතුයි. මුල් සංවාදය මතකයේ රැඳී තිබෙද්දීම නැවත බැලීමට යෑමෙන් පහසුවෙන්ම ඊළඟ සංවාදය ඇරඹිය හැකියි.
4. නැවත බැලීමට අඩිතාලම දැමිය හැක්කේ කෙසේද?
4 වෙලාවක් යොදාගන්න: මුල් හමු වීමේදීම ඊළඟ හමු වීමට දිනයක් හා වෙලාවක් යොදාගැනීම සුදුසුයි. ඊළඟ වතාවේදී පිළිතුරු දීමට ප්‍රශ්නයක් නඟන්න. මේ සියලු කරුණු නිවැරදිව සටහන් කරගැනීම අත්‍යවශ්‍යයි. හැකි නම් පසුවදාම හෝ දවස් කීපයක් ඇතුළත නැවත බැලීම කරන්න. මුලින්ම හමු වුණේ සති අන්තයේ නම් සහ එම තැනැත්තා රැකියාවක් කරන කෙනෙක් නම් ඊළඟ සති අන්තයේ නැවත බැලීමට ඔබ එනවාට ඔහු කැමති විය හැකියි. වෙලාවක් යොදාගත් විට ඒ වෙලාවටම යන්න උත්සාහ කරන්න. —මතෙ. 5:37.
5. ප්‍රමාද නොකර නැවත බැලීම් කිරීම ගෝලයන් කරන්න යන යේසුස්ගේ අණ පිළිපැදීමට උපකාරයක් වන්නේ කෙසේද?
5 උනන්දුව දක්වන අයව හැකි ඉක්මනින් බලන්න යෑමට අපට හොඳ හේතු තිබෙනවා. ‘ඉතුරු වෙලා තියෙන්නේ තව කෙටි කාලයක්’ නිසා වෙලාවක් යොදාගෙන ඉක්මනින්ම යන්න. (1 කොරි. 7:29) රාජ්‍ය පණිවිඩයට උනන්දුව දක්වන අයව හැකි ඉක්මනින් බලන්න යෑමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියි.