උගන්වන විදිහ දියුණු කරගන්න 2015 සේවා පාසැල අපිට උපකාරයක්
1 “මාගේ පර්වතයද මාගේ ගැලවුම්කරුද වන යෙහෝවා දෙවියනි, මාගේ මුවින් පිට වන වචනද මාගේ සිතේ සිතුවිලිද සැමවිටම ඔබ ඉදිරියේ ප්‍රසන්නව තිබේවා” කියලා දාවිත් කිව්වා. (ගීතා. 19:14) සභාවේදී සහ දේවසේවයේදී සත්‍ය වචනය කතා කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය අපි හුඟක් අගය කරනවා. ඒ නිසා අපිටත් ඕන යෙහෝවා දෙවිව සතුටු වෙන විදිහට සත්‍ය වචනය කතා කරන්නයි. සේවා පාසැල දේවසේවයට යෙහෝවා දෙවි අපිව පුහුණු කරන එක ක්‍රමයක්. ඒ පුහුණුව ලොව පුරා සභා 1,11,000කට වැඩි ගණනක ඉන්න අයට සතිපතා ලැබෙනවා. ලොව පුරා විවිධ පසුබිම්වල ඉන්න සහෝදර සහෝදරියන්ට දේවසේවකයන් වෙන්න අවශ්‍ය තරම් පුහුණුව ඒ පාසැලෙන් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ක්‍රියාවට පොලඹවන විදිහට කතා කරන්නත් ඥානවන්තව හා නිර්භීතව කතා කරන්නත් හැකියාව ලැබෙනවා.—ක්‍රියා 19:8; කොලො. 4:6.
2 2015 සඳහා සේවා පාසැල් වැඩසටහනට ‘දේවවචනයට හැඳින්වීමක්’ කියන පොතේ විෂයන් වගේම ‘මුරටැඹ’ සඟරාවේ “දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න” (කලින් පළ වුණේ “දෙවිට ළං වෙන්න” කියලයි) සහ “ඔබේ දරුවන්ට උගන්වන්න” කියන ලිපිවල තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව බයිබල් කියවීමේ විශේෂාංග සහ පැවරුම් අංක 1ට වෙන් කරලා තිබුණ වෙලාවත් වෙනස් කරලා තියෙනවා. ඒ ගැනත් ඒ කොටස් කරන විදිහ ගැන දීලා තියෙන මඟ පෙන්වීම් කීපයකුත් බලමු.
3 බයිබල් කියවීමේ විශේෂාංග: මේ කොටස ඉදිරිපත් කරන සහෝදරයන් සලකා බලන්නේ එක කරුණක් විතරයි. ඒකට දැන් ලැබෙන්නේ විනාඩි දෙකයි. හොඳින් සූදානම් වුණොත් ඒ කාලය ඇතුළත සභාවට අදාළ වෙන දිරිගන්වන කරුණක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. ඉතුරු විනාඩි හයේදී තත්පර 30කින් හෝ ඊට අඩු කාලයකින් සතිපතා බයිබල් කියවීමෙන් හොයාගත්ත වටිනා කරුණක් පුරුදු විදිහටම ඉදිරිපත් කරන්න සබයේ අයට පුළුවන්. තත්පර 30කින් අර්ථවත් අදහසක් ඉදිරිපත් කරන්න නම් හොඳින් සූදානම් වෙන්නත් තමන්ව පාලනය කරගන්නත් ඕනේ. එහෙම කරන එකෙන් අපිට හොඳ පුහුණුවක් ලැබෙනවා වගේම පර්යේෂණය කරලා කරුණු හොයාගෙන ආපු අනිත් අයටත් අදහස් දක්වන්න අවස්ථාව ලැබෙනවා.
4 පැවරුම් අංක 1: බයිබලය කියවන්න දැන් තියෙන්නේ විනාඩි 3ක් නැත්නම් ඊට අඩු කාලයක්. කියවන්න ලැබෙන බයිබල් පද ප්‍රමාණයත් අඩු කරලා. බයිබල් කියවීම ලැබෙන අය හඬ නඟා කියවලා හොඳින් පෙරහුරු කරන්න ඕනේ. ඒ වගේම කරුණු තේරුම්ගන්න පුළුවන් විදිහට නිවැරදිව උච්චාරණය කරන්නත් පැහැදිලිව කියවන්නත් පුරුදු වෙන්න අවශ්‍යයි. යෙහෝවා දෙවිට නමස්කාර කරන හැමෝම හොඳින් කියවන්න ඉගෙනගන්න ඕනේ. මොකද අපේ නමස්කාරයට ඒක හුඟක් ප්‍රයෝජනවත්. අපේ දරුවන් හුඟදෙනෙක් හොඳින් කියවන එක ලොකු සතුටක්. හොඳින් කියවන්න දරුවන්ට උදව් කරන්න වෑයම් කරන දෙමව්පියන්ව ඇත්තෙන්ම අගය කරන්න වටිනවා.
5 පැවරුම් අංක 2: මේ විනාඩි 5 කොටස පවරන්නේ සහෝදරියන්ටයි. දීලා තියෙන තේමාව පාවිච්චි කරන්න ඕනේ. පැවරුම ලැබිලා තියෙන්නේ ‘දේවවචනයට හැඳින්වීමක්’ කියන පොතෙන් නම් දේවසේවයේ යම් අංගයකට අදාළ වෙන විදිහටත් සභාවට අයිති ප්‍රදේශයට ගැළපෙන විදිහටත් ඉදිරිපත් කරන්න. ඒ පැවරුම පදනම් වෙන්නේ ‘මුරටැඹ’ සඟරාවේ “දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න” හෝ “ඔබේ දරුවන්ට උගන්වන්න” කියන ලිපියකින් නම් අදාළ ලිපිය හොඳින් අධ්‍යයනය කරන්නත් සුදුසු බයිබල් පද තෝරාගන්නත් අවශ්‍යයි. ඒ වගේම ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද කියලා පැහැදිලි කරන්නත් ඕනේ. තේමාවට අදාළ වෙනත් බයිබල් පද ඇතුළත් කරන්නත් පුළුවන්. පාසැල මෙහෙයවන්නා විසින් ඒ සඳහා සහායට කෙනෙක් නම් කරයි.
6 පැවරුම් අංක 3: මේ විනාඩි 5 කොටස පවරන්නේ සහෝදරයෙකුට හෝ සහෝදරියකටයි. මේක සහෝදරියකට ලැබුණාම පැවරුම් අංක 2 ඉදිරිපත් කරන විදිහට කරන්න ඕනේ. “දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න” හෝ “ඔබේ දරුවන්ට උගන්වන්න” කියන ලිපිවලින් සහෝදරයෙකුට කතාව ලැබුණාම සබය මනසේ තියාගෙන ඒක ඉදිරිපත් කරන්න ඕනේ. දීලා තියෙන තේමාවට අනුව ශිෂ්‍යයා කතාව ගොඩනඟන්නත් සුදුසු බයිබල් පද තෝරාගන්නත් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන පැහැදිලි කරන්නත් අවශ්‍යයි.
7 සහෝදරයන්ට පැවරුම් අංක 3 අලුත් මුහුණුවරකින්: ‘දේවවචනයට හැඳින්වීමක්’ යන පොතෙන් කතාව පැවරුවාම පවුලේ නමස්කාරය හෝ දේවසේවය පසුබිම් කරගෙන, නිරූපණයක් විදිහට ඒක ඉදිරිපත් කරන්න ඕනේ. සහායට කෙනෙක්වත් පසුබිමත් සාමාන්‍යයෙන් ලබා දෙන්නේ පාසැල මෙහෙයවන්නායි. සහායට ගන්න කෙනා ශිෂ්‍යයාගේ පවුලේ කෙනෙක් හෝ සභාවේ සහෝදරයෙක් විය යුතුයි. ඒකට තේමාවට අදාළ බයිබල් ප්‍රතිපත්ති ඉස්මතු කරන බයිබල් පද ඇතුළත් කරගන්න පුළුවන්. විටින් විට මේ කොටස වැඩිමහල්ලෙකුට පවරන්නත් ඉඩ තියෙනවා. සහායට කෙනෙක්ව හා පසුබිම තෝරාගන්න ඒ වැඩිමහල්ලාට පුළුවන්. පවුලේ කෙනෙක්ට හරි සභාවේ සහෝදරයෙක්ට හරි වැඩිමහල්ලෙක් දක්ෂ විදිහට උගන්වන ආකාරය දකින එක සබයට දිරිගැන්වීමක් වෙයි.
උපදෙස් පිළිගැනීමෙන් හා ඒවා පිළිපැදීමෙන් දිගටම දියුණු වෙන්න
8 උපදෙස්: පැවරුම කළාට පස්සේ හැම ශිෂ්‍යයෙක්ටම පාසැල මෙහෙයවන්නා ‘සේවා පාසැල්’ පොත පදනම් කරගෙන ඔහු දැකපු හොඳ පැති ගැන කියන්නත් ප්‍රයෝජනවත් උපදෙස් දෙන්නත් විනාඩි 2ක කාලයක් ගන්නවා. ශිෂ්‍යයා කතාව ඉදිරිපත් කරන්න කලින් පාසැල මෙහෙයවන්නා ඔහු වැඩ කරන කරුණ ගැන කියන්නේ නැහැ. ඒත් කතාවෙන් පස්සේ ඔහුව අගය කරලා ඔහු වැඩ කරපු කරුණ ගැන කියනවා. ශිෂ්‍යයා ඒ කරුණ හොඳින් ඉටු කළේ කොහොමද කියලත් සඳහන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කරුණ තවත් හොඳින් ඉටු කරන්න පුළුවන් විදිහ ගැන කාරුණිකව පැහැදිලි කරන්නත් ඕනේ.
9 ශිෂ්‍යයෙක්ට දෙන්න ඕන උපදෙස් ‘සේවා පාසැල්’ පොතේ 79 ඉඳලා 81 දක්වා පිටුවල තියෙනවා. ශිෂ්‍යයෙක් ඔහුගේ පැවරුම කළාට පස්සේ පාසැල මෙහෙයවන්නා ශිෂ්‍යයාගේ ‘සේවා පාසැල්’ පොතේ අදාළ තැන ඒ ගැන සටහන් කරනවා. වැඩ කරන්න තිබුණ කරුණේ අභ්‍යාසය කෙරුවාද කියලා ශිෂ්‍යයාගෙන් පෞද්ගලිකව අහනවා. රැස්වීමෙන් පස්සේ හරි වෙන සුදුසු වෙලාවක හරි ඔහුව අගය කරන්නත් උදව් වෙන අමතර යෝජනා දෙන්නත් පුළුවන්. හැම ශිෂ්‍යයෙකුටම පෞද්ගලිකව දෙන සැලකිල්ල ශිෂ්‍යයාගේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගන්න අවස්ථාවක් කියලා පෙන්වන්න ඕනේ.—1 තිමෝ. 4:15.
10 ශිෂ්‍යයෙක් කාලය ඉක්මවා යනවා නම්, පාසැල මෙහෙයවන්නා හෝ ඔහුගේ සහායකයා නියමිත වෙලාව ඉවරයි කියලා දන්වන්න පුංචි සංඥාවක් කරන්න ඕනේ. ඒකට පුංචි බෙල් එකක් පාවිච්චි කරන්න හෝ පෑනකින් එයාට ඇහෙන්න තට්ටුවක් දාන්න පුළුවන්. ඒක ඇහුණාම ශිෂ්‍යයා කියමින් හිටපු වාක්‍යය ඉවර කරලා කතාව නවත්වන්න ඕනේ.—‘සේවා පාසැල්’ පොත 282 පි. 4 ඡේ.
11 සුදුසුකම් තියෙන හැමෝටම සේවා පාසැලට බැඳෙන්න කියලා දිරිගන්වන්න කැමතියි. (‘සේවා පාසැල්’ පොත 282 පි. 6 ඡේ.) මේ පාසැලෙන් ලැබෙන දැනුම නිසා යෙහෝවා දෙවිගේ සේවකයන්ට රාජ්‍යයේ ශුභාරංචිය ගැන විශ්වාසයෙන් යුතුව, ගෞරවාන්විතව හා කාරුණිකව දේශනා කරන්නත් උගන්වන්නත් පුළුවන් වෙනවා. යෙහෝවා දෙවි ලබා දෙන මේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න හැමෝම ඔහුව ප්‍රශංසාවට ලක් කරන එක ගැන ඔහු සතුටු වෙනවා නිසැකයි.—ගීතා. 148:12, 13; යෙසා. 50:4.