ආගන්තුක සත්කාරය පෙන්වන්න (මතෙ. 12:35අ)
‘ආගන්තුක සත්කාරය පෙන්වන්න පුරුදු වීමෙන්’ අනිත් අය එක්ක “යහපත් දේ” බෙදාගන්න අපිට පුළුවන්. (රෝම 12:13) බයිබල් දේශන දෙන්න එන අයගේ ගමන් ගාස්තු පියවන්නත් කෑම වේලක් දෙන්නත් මූලිකත්වය ගන්නේ වැඩිමහල්ලන්. ඒත් අපිට වත්කමක් නැත්නම්, ගෙදර පහසුකම් මදි කියලා හිතෙනවා නම් ඒ අයට ආරාධනා කරන්න අපි අදිමදි කරයි. යේසුස් මාර්තාට කිව්ව දේ හිතට ගත්තොත් ඒ හැඟීම නැති කරගන්න අපිට පුළුවන්. (ලූක් 10:39-42) ඔහු කිව්වේ කෑම බීම ගොඩක් හදන එකවත් පහසුකම් තියෙන එකවත් නෙමෙයි සහෝදර ඇසුර හා එකිනෙකාව දිරිගන්වන එක වැදගත් කියලයි. ඒ උපදෙස පිළිපදිනවා නම් සහෝදරයන් එක්ක “යහපත් දේ” බෙදාගන්න අපිට පුළුවන්.—3 යොහ. 5-8.