අත්හදා බැලීමට යෝජනා
සිහි කිරීමේ ආරාධනා පත්‍ර මෙහෙම බෙදමු
“මේ ආරාධනා පත්‍රය දෙන්නයි ආවේ. අප්‍රියෙල් 3වෙනිදා ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙනවා. එදාට යේසුස්ගේ මරණයෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්න පුළුවන්. ඒක පවත්වන තැනයි වෙලාවයි මේකේ තියෙනවා.”
මුරටැඹ මාර්තු 1
“යේසුස්ගේ මරණය සිහි කිරීම මේ අවුරුද්දේ තියෙන්නේ අප්‍රියෙල් 3වෙනිදා. ඒකට මේ පැත්තේ ඉන්න සමහර අය එනවා. ඒත් යේසුස්ගේ මරණය තමන්ට වැදගත් නැහැ කියලා හිතන අයත් ඉන්නවා. ඔයා මොකක්ද හිතන්නේ? යේසුස්ගේ මරණයෙනුයි නැවත නැඟිටීමෙනුයි අපිට ප්‍රයෝජනයක් තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙතන කියන දේ බලන්න. [1 කොරින්ති 15:22, 26 කියවන්න.] යේසුස්ගේ ජීවිත පූජාව නිසා අනාගතයේදී කවුරුත් මැරෙන්නේ නැති කාලයක් එනවා කියලා මේ සඟරාවේ විස්තර කරනවා.”
පිබිදෙව්! මාර්තු
“[සඟරාවේ මුල් පිටුව පෙන්වන්න.] දෙවියන් ඉන්නවදකියන එක ගැන ගොඩක් අයට එක එක අදහස් තියෙනවා. අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියෙන්නේ දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරන අයටද, නැති අයටද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවියන්ගේ මේ පොරොන්දුව නිසා හුඟදෙනෙක්ට හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. [ගීතාවලිය 37:10, 11 කියවන්න.] මේ සඟරාවේ දෙවියන් ඇත්තටම ඉන්නවාද කියලා හොයලා බලන්න උදව් වෙන හේතු හතරක් ගැන කතා කරනවා.”