ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/14 8 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 2/14 8 පි.

අත්හදා බැලීමට යෝජනා

මාර්තු මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“අපි ආවේ අප්‍රියෙල් 14වෙනිදා පවත්වන විශේෂ සැමරීමක් ගැන කියන්නයි. ඒ තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම. සමහර අය ඒක සමරන්නේ ඒක වැදගත් කියලා සලකන නිසයි. තවත් අයට ඒකේ වැදගත්කම ගැන ඒ හැටි අවබෝධයක් නැහැ. යේසුස් දිවි පිදුව නිසා ලැබෙන ආශීර්වාද මොනවාද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද?” ප්‍රතිචාරයට ඉඩහරින්න. මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම පිටුවේ ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරාව දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.

මුරටැඹ මාර්තු 1

“අයුක්තියට හා දුක් වේදනාවලට දෙවියන් නිමාවක් ගේන්නේ නැත්තේ ඇයි කියලා ගොඩක් අය හිතනවා. ඔයා හිතනවාද දෙවියන් මිනිස්සු ගැන සලකන්නේ නැහැ, මිනිස්සු දුක් විඳින එක ගැන දෙවියන්ට ගානක් නැහැ කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඊටපස්සේ යොහන් 3:16 කියවන්න.] හුඟක් අය මේ බයිබල් පදේ පෙන්නලා දෙවියන් මිනිසුන් ගැන සැලකිලිමත් කියලා කිව්වත් යේසුස් දිවි පිදුව නිසා මිනිසුන්ට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද කියලා ඒ අය දන්නේ නැහැ. යේසුස්ගේ මරණය නිසා අයුක්තිය හා දුක් වේදනා නැති වෙන විදිහ ගැන මේ සඟරාවේ පෙන්නලා තියෙනවා.”

පිබිදෙව්! මාර්තු

“වැරදි අර්ථකථනයක් නිසා හුඟක් අය වැරදියට වටහාගෙන තියෙන බයිබල් පදයක් ගැන කතා කරන්නයි අද අපි ආවේ. [උත්පත්ති 1:1 කියවන්න.] විශ්වය කවුරු හරි නිර්මාණය කළා කියලා සමහරු විශ්වාස කළත් තවත් අය ඒක විශ්වාස කරන්නේ නැහැ. ඔයා හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හුඟදෙනෙක් විශ්වය නිර්මාණයක් කියලා විශ්වාස කරන්නේ නැත්තේ ආගමික නායකයන් බයිබලයේ තියෙන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් උගන්නලා තියෙන නිසයි. විශ්වයේ ආරම්භය ගැන බයිබලයේ සඳහන් තොරතුරු මොන තරම් තර්කානුකූලද, නිවැරදිද කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න