අත්හදා බැලීමට යෝජනා
ඔක්තෝබර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“අද අපි මේ පැත්තේ අයව හම්බ වෙන්න ආවා. අපිත් එක්ක කතා කරපු හුඟක් අය කිව්වේ තමන්ට කිට්ටුම කෙනෙක් මැරුණම ඇති වෙන වේදනාව තමයි දරාගන්න අමාරුම වේදනාව කියලා. ඔයාටත් එහෙම දැනිලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මම මේක කියවලා ලොකු සහනයක් ලැබුවා.” ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරාව දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මුරටැඹ ඔක්තෝබර් 1
“අපි අද හුඟක් අයට උනන්දු කෙරුවා බයිබලය කියවන්න කියලා. සමහර අය නං ආසයි. ඔයා බයිබලය කියවන්න ආස කෙනෙක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලේ මේ වගේ දෙයක් කියලා තියෙනවා. [1 තෙසලෝනික 2:13 කියවන්න.] බයිබලය ඇත්තටම දෙවිගේ වචනය නං බයිබලය කියවන එක ගොඩක් වටිනවා කියලා ඔයා වුණත් පිළිගනියි. බයිබලේ තියෙන්නේ මොනවාද කියලත් අපි බයිබලය කියවන්න ඕනේ ඇයි කියලත් මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! ඔක්තෝබර්
“අපි අද කතා කෙරුවේ සතුටෙන් ජීවත් වෙන්න අපිට සල්ලි ගොඩක් තියෙන්න ඕනේමද කියලා. ඔයා මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලේ කියන දේ බලන්න. [1 තිමෝති 6:8 කියවන්න.] මූලික දේවල් තිබුණොත් සැහීමට පත් වෙන්න පුළුවන් කොහොමද කියලත් සල්ලිවලට ගන්න බැරි වැදගත් දේවල් තුනක් ගැනත් මේ සඟරාවේ පෙන්නලා තියෙනවා.”