‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ විශේෂ අංග හොඳින් පාවිච්චි කරන්න
අපි එක්ක බයිබලය පාඩම් කරන කෙනෙක් බයිබලයේ තියෙන දේවල් හොඳින් ඉගෙනගෙන ඒවා අදාළ කරගන්නවා නම් දෙවිට ළං වෙන්නත් හොඳ ගුණාංග දියුණු කරගන්නත් ඔහුට පුළුවන්. (ගීතා. 1:1-3) අපි ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ විශේෂ අංග හොඳින් යොදාගන්නවා නම් ඔහුට දියුණු වෙන්න උදව් කරන්න පුළුවන් වෙනවා.
පරිච්ඡේදය හඳුන්වා දෙන ප්‍රශ්න: හැම පරිච්ඡේදයකම මුලින් තියෙන ප්‍රශ්නවලට ඒ පරිච්ඡේදයේම උත්තර තියෙනවා. ඒ නිසා සාකච්ඡාවට කලින් ඒ ප්‍රශ්න අහලා ඔහු තුළ උනන්දුවක් ඇති කරන්න. නැත්නම් ඒ ප්‍රශ්නවලට කෙටියෙන් උත්තර දෙන්න කියලා කියන්න. වැරදි උත්තරයක් දුන්නොත් ඒ වෙලාවේ ඒක නිවැරදි කරන්න එපා. ඒ උත්තරෙන්, වැඩි අවධානයක් දෙන්නත් පැහැදිලි කරන්නත් ඕන මොන කරුණුද කියලා අවබෝධ කරගන්න ඔබට පුළුවන්.—හිතෝ. 16:23; 18:13.
උපග්‍රන්ථය: ශිෂ්‍යයාට සාකච්ඡා කරන කරුණු තේරෙනවා නම්, ඔහු ඒවා පිළිගන්නවා නම් උපග්‍රන්ථයේ තියෙන ඊට අදාළ කරුණු පස්සේ කියවලා බලන්න කියලා උනන්දු කරන්න. ඔහු ඒවා අවබෝධ කරගත්තාද කියලා බලන්න ඊළඟ වතාවේදී විනාඩි කීපයක් වෙන් කරන්න. හැබැයි පාඩම අතරතුරේදීම උපග්‍රන්ථය සාකච්ඡා කරන එක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් සම්පූර්ණයෙන්ම හරි කොටසක් හරි ඡේදයෙන් ඡේදය කියවලා සාකච්ඡා කරන්න. එහෙම කරන්න නම් ඒකේ තියෙන තොරතුරු කලින්ම බලලා ප්‍රශ්න හදාගන්න ඕනේ.
බයිබලයේ උගන්වා තිබෙන ආකාරයට කියන කොටස: පරිච්ඡේදයේ මුලින් තියෙන ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ මේ කොටසේ. ශිෂ්‍යයා ප්‍රධාන කරුණු තේරුම්ගත්තාද ඒවා පැහැදිලි කරන්න ඔහුට පුළුවන්ද කියලා දැනගන්න මේ කොටස යොදාගන්න. ඒකේ තියෙන හැම අදහසක්ම, හැම බයිබල් පදයක්ම ශිෂ්‍යයා එක්ක කියවන්න. ඒ අදහස හරියි කියලා තහවුරු කරන්න බයිබල් පද හරි පදය හරි යොදාගන්න පුළුවන් විදිහ ගැන ඔහුගෙන් අහන්න.—ක්‍රියා 17:2, 3.