දේවවචනය නිධානයක් | එස්රා 1-5
යෙහෝවා දෙවි පොරොන්දු ඉටු කරනවා
මුද්‍රිත පිටුව
යෙරුසලමේ දේවමාලිගාවේ සැබෑ නමස්කාරය යළි පිහිටුවනවා කියලා දෙවි පොරොන්දු වුණා. ඒත් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආව ඊශ්‍රායෙල්වරුන්ට ගොඩනැඟීමේ වැඩ නතර කරන්න කියලා දුන්න රාජ නියෝගය ඇතුළු හුඟක් බාධා ආවා. ඒ නිසා කවදාවත් ඒක ගොඩනඟන්න හම්බ වෙන එකක් නැහැ කියලයි හුඟක් අය හිතුවේ.
ක්‍රි.පූ. 537දී පමණ
දේවමාලිගාව යළි ගොඩනඟන්න සයිරස් නියෝග කළා
-
හත්වෙනි මාසය
පූජාසනය ගොඩනඟලා පූජා ඔප්පු කළා
-
ක්‍රි.පූ. 536
අත්තිවාරම දැම්මා
-
ක්‍රි.පූ. 522
අර්තක්ෂස්තා රජ ගොඩනැඟීමේ වැඩ නැවැත්තුවා
-
ක්‍රි.පූ. 520
සෙකරියා සහ හග්ගයි දේවමාලිගාව යළි ගොඩනඟන්න සෙනඟව දිරිගැන්නුවා
-
ක්‍රි.පූ. 515
ඉදි කිරීම අවසන් වුණා