ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 මාර්තු 5 පි.
  • දෙවිට සවන් දෙන්න සඟරාව පාවිච්චි කරන විදිහ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට සවන් දෙන්න සඟරාව පාවිච්චි කරන විදිහ
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිට සවන් දෙන්න මිනිසුන්ට උදව් කරන්න
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවිට ඕනෑ කරන දේ ඉගෙනීමට ජනයාට උපකාර වන අලුත් මෙවලමක්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශන සේවේදී පාවිච්චි කරමු
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 මාර්තු 5 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘දෙවිට සවන් දෙන්න’ සඟරාව පාවිච්චි කරන විදිහ

දෙවිට සවන් දෙන්න

‘දෙවිට සවන් දෙන්න’ සඟරාව හදලා තියෙන්නේ කියවන්න අමාරු අයට පින්තූරවලින් බයිබලයේ තියෙන දේවල් උගන්වන්න. ඒ පින්තූර සකස් කරලා තියෙන්නේ හොඳට හිතලා. සාකච්ඡා කරන්න ඕන පිළිවෙළ පුංචි ඊතලවලින් පෙන්වලා තියෙනවා.

‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සඟරාවේ තියෙන්නෙත් ‘දෙවිට සවන් දෙන්න’ සඟරාවේ තියෙන පින්තූරමයි. ඒත් ඒ සඟරාවේ තොරතුරු විස්තර කරලා තියෙන නිසා ටිකක් හරි කියවන්න පුළුවන් අයට ඒකෙන් පාඩම කරන්න පුළුවන්. ශිෂ්‍යයා බලන්නේ ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව වුණත් ප්‍රචාරකයාට පුළුවන් ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සඟරාව පාවිච්චි කරන්න. හුඟක් පිටුවල අමතර තොරතුරු තියෙන පොඩි කොටුවක් තියෙනවා. ශිෂ්‍යයාගේ තත්වය අනුව ඒවා සාකච්ඡා කරන්න පුළුවන්.

බයිබල් පාඩමකදී ශිෂ්‍යයා දෙවිට සවන් දෙන්න සඟරාව පාවිච්චි කළත් සහෝදරියක් දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න සඟරාව පාවිච්චි කරමින්

මේ සඟරා ඕනෙම මාසෙකදී ඉදිරිපත් කරන්න පුළුවන්. පාඩම කරද්දී පින්තූර පෙන්වලා බයිබලයේ තියෙන වාර්තාව විස්තර කරන්න. ශිෂ්‍යයාව සාකච්ඡාවට හවුල් කරගන්නත් කතා කරන දේ තේරෙනවද බලන්නත් එයාගෙන් ප්‍රශ්න අහන්න. පිටුව යටින් තියෙන බයිබල් පද කියවලා සාකච්ඡා කරන්න. සඟරාව පාඩම් කරලා ඉවර වුණාම ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් පාඩම දිගටම කරලා ශිෂ්‍යයාට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න.

දෙවිට සවන් දෙන්න සඟරාවේ ඒදන් උයනේ සිද්ධිය ගැන තියෙන පාඩම
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න