යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ආදරයෙන් පිළිගන්න
අලුත් කෙනෙක් වුණත් කාලයක් තිස්සේ එන කෙනෙක් වුණත් රැස්වීම්වලට එන හැමෝවම අපි ආදරෙන් පිළිගන්නවා. (රෝම 15:7; හෙබ්‍රෙ 13:2) සමහරවිට ඒ කෙනා වෙන රටකින් ආපු සහෝදරයෙක් වෙන්න පුළුවන්. නැත්නම් කාලෙකට පස්සේ එන අක්‍රියාශීලී ප්‍රචාරකයෙක් වෙන්න පුළුවන්. හිතන්න ඒ ඔයා කියලා. සභාවේ අය ඔයාව ආදරෙන් පිළිගද්දී ඔයාට කොහොම දැනෙයිද? (මතෙ 7:12) ඒ නිසා රැස්වීමට කලිනුත් පස්සෙත් අනිත් අය එක්ක කතා කරන්න. එතකොට මුළු සභාවම ආදරෙන් පිරුණු තැනක් වෙයි. ඒකෙන් ගෞරවය ලැබෙන්නේ යෙහෝවා දෙවිට. (මතෙ 5:16) රැස්වීමට එන හැමෝම එක්ක කතා කරන්න බැරි වුණත් අපි හැමෝම පුළුවන් විදිහට අනිත් අයත් එක්ක කතා කළොත් එන හැමෝටම ලොකු සතුටක් දැනෙයි.a
සිහි කිරීම වගේ විශේෂ අවස්ථාවලදී විතරක් නෙමෙයි හැම වෙලාවකදීම අපි අනිත් අයව ආදරෙන් පිළිගන්න ඕනේ. අලුත් අය ඒක අද්දැක්කාම එයාලත් අපි එක්ක දෙවිට නමස්කාර කරන්න, දෙවිට ප්‍රශංසා කරන්න පෙලඹෙයි.—යොහ 13:35.
a රැස්වීමට සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු නැත්නම් කැමැත්තෙන් ඉවත් වුණු කෙනෙක් ආවොත් අපි ඒ කෙනාට ආචාර කරන්නේ නැහැ. ඒක බයිබල් ප්‍රතිපත්තියක්.—1කොරි 5:11; 2යොහ 10.