යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සැබෑ නමස්කාරය ඔයා අගය කරන්නේ ඇයි?
දේවමාලිගාව ගැන එසකියෙල් දැක්ක දර්ශනයෙන් සැබෑ නමස්කාරය යළි පිහිටුවනවා කියන බලාපොරොත්තුව ලැබුණ නිසා ඒක වහල්භාවයේ හිටපු යුදෙව්වන්ට දිරිගැන්වීමක් වුණා. අන්තිම දවස්වල සැබෑ නමස්කාරය ‘සියලුම කඳුවලටත් හෙල්වලටත් වඩා ඉහළින් ස්ථිරව පිහිටුවලා තියෙනවා.’ ඒ කරා ඇදී එන සියලු ජාතීන් අතර අපිත් ඉන්නවා. (යෙසා 2:2) යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය ගැන ඔයා නිතරම හිතනවාද?
සැබෑ නමස්කාරය නිසා ලැබෙන ආශීර්වාද:
දෙවිගෙන් ලැබෙන පෝෂණය නිසා ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තරත් සතුටින් ඉන්න ඕන කරන මඟ පෙන්වීමුත් ලස්සන බලාපොරොත්තුවකුත් ලැබිලා තියෙනවා.—යෙසා 48:17, 18; 65:13; රෝම 15:4
ලෝකේ පුරාම ඉන්න ආදරෙන් බැඳුණු පවුලක්.—ගීතා 133:1; යොහ 13:35
දෙවිගේ හවුල් වැඩකරුවන් විදිහට තෘප්තිමත් වැඩක් කරන්න ලැබිලා තියෙනවා.—ක්‍රියා 20:35; 1කොරි 3:9
ප්‍රශ්න එද්දී “දෙවි ලබා දෙන සමාදානය” නිසා ලැබෙන ශක්තිය.—ෆිලි 4:6, 7
නිදොස් හෘදය සාක්ෂියක්.—2තිමෝ 1:3
“යෙහෝවා දෙවිට සමීපව” ඉන්න අවස්ථාවක්.—ගීතා 25:14
සැබෑ නමස්කාරය අගය කරනවා කියලා මට පෙන්වන්න පුළුවන් මොන විදිවලින්ද?