දේවවචනය නිධානයක් | හොෂෙයා 1-7
යෙහෝවා දෙවිගේ ළැදි ප්‍රේමය ආදර්ශයට ගන්න
ළැදි ප්‍රේමය පෙන්වන කෙනෙක් එයා ළැදිව ඉන්න කෙනාට විශ්වාසවන්තයි, අවංකයි, පක්ෂපාතයි. ඒ වගේම කවදාවත් අතහැරලා යන්නේ නැහැ. හොෂෙයාවයි එයාට ද්‍රෝහි වුණු එයාගේ බිරිඳ ගොමෙර්වයි යොදාගෙන ළැදි ප්‍රේමය ගැනත් සමාව දීම ගැනත් යෙහෝවා දෙවි ලස්සන පාඩමක් ඉගැන්නුවා.—හොෂෙ 1:2; 2:7; 3:1-5.
ගොමෙර්ගේ හිතේ ළැදි ප්‍රේමයක් තිබුණේ නැහැ කියලා ඔප්පු වුණේ කොහොමද?
ඊශ්‍රායෙල්වරුන්ගේ හිතේ ළැදි ප්‍රේමයක් තිබුණේ නැහැ කියලා ඔප්පු වුණේ කොහොමද?
හොෂෙයා ළැදි ප්‍රේමය පෙන්නුවේ කොහොමද?
යෙහෝවා දෙවි ළැදි ප්‍රේමය පෙන්නුවේ කොහොමද?
හිතලා බලන්න: යෙහෝවා දෙවිට මගේ හිතේ තියෙන ළැදි ප්‍රේමය පෙන්වන්න පුළුවන් කොහොමද?