යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෙහෝවාගේ නොසැලෙන ආදරය ආදර්ශයට ගමු!
යෙහෝවා දෙවියන් තරම් ආදරයක් පෙන්නන කෙනෙක් තවත් නැහැ. (ගීතා 103:11) ඒ ආදරය ආවේගෙට, හැඟීම්වලට වහල් වුණ එකක් නෙමෙයි. ඒක ගැඹුරට මුල් බැහැපු, හැමදාටම පවතින නොසැලෙන බැඳීමක්. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට හුඟක් අවස්ථාවලදී ඒ වගේ ආදරයක් පෙන්නුවා. ඔහු එයාලව වහල්කමෙන් බේරගෙන පොරොන්දු දේශයට ගෙනාවා. (ගීතා 105:42-44) එයාලා වෙනුවෙන් සටන් කළා. පව් කළාම ආයේ ආයෙත් සමාව දුන්නා. (ගීතා 107:19, 20) ‘යෙහෝවා දෙවි මහත් ප්‍රේමයකින් කළ සෑම ක්‍රියාවක් ගැනම ගැඹුරින් කල්පනා කරලා බැලුවොත්’ ඔහුව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්.—ගීතා 107:43.
‘යෙහෝවා දෙවි ළැදි ප්‍රේමයකින් සිදු කළ සෑම ක්‍රියාවක් ගැනම ගැඹුරින් කල්පනා කරන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
නොසැලෙන ආදරයක් පෙන්නන්න පුළුවන් මොන පැතිවලින්ද?
නොසැලෙන ආදරයක් පෙන්නන්න නම් අපි කැප කිරීම් කරන්න ඕන ඇයි?