ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 දෙසැම්බර් 5 පි.
  • සති මැද රැස්වීමට අලුත් අංගයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සති මැද රැස්වීමට අලුත් අංගයක්
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබ දුම් නඟින පහන්තිරයක් නිවා දමනු ඇද්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තුස් යෙරුසලමට ජයග්‍රාහී අන්දමින් ඇතුල් වෙයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • රජ බූරු නාම්බෙකු පිට යෙරුසලමට එයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • A7-G යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් අවසන් වතාවට යෙරුසලමේදී කරපු සේවය (1 කොටස)
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 දෙසැම්බර් 5 පි.
“ස්ටඩි එඩිෂන්” එකේ මතෙව් සුවිශේෂය

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සති මැද රැස්වීමට අලුත් අංගයක්

2018 ජනවාරි මාසයේ ඉඳන් සති මැද රැස්වීමට අලුත් අංගයක් එකතු වෙනවා. ඒකට ඇතුළත් වෙන්නේ ‘නව ලොව පරිවර්තනය’ අධ්‍යයනය කරන්න සකස් කරපු “ස්ටඩි එඩිෂන්” එකේ සටහන්වලිනුත් මීඩියා එකෙනුත් ගත්ත තොරතුරු. “ස්ටඩි එඩිෂන්” එක තියෙන්නේ jw.org වෙබ් අඩවියෙයි. රැස්වීම්වලට හොඳින් සූදානම් වෙන්න ඒ අලුත් අංගයේ තියෙන තොරතුරු අපිට උදව් වෙනවා. යෙහෝවා දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම තවත් ශක්තිමක් කරගන්නත් ඒවා උදව් වෙනවා.

සටහන්

බයිබලයේ සඳහන් වචන, ස්ථාන, මිනිසුන්, එයාලගේ සංස්කෘතිය ගැන අමතර තොරතුරු සටහන්වල තියෙනවා.

මතෙව් 12:20

නිවී යන පහන් තිරයක්: ඒ කාලේ මිනිසුන් පාවිච්චි කළේ මැටිවලින් හදපු පුංචි පහන්. ඒවාට දැම්මේ ඔලීව තෙල්. පහන් තිරය හදලා තිබුණේ හණ කෙඳිවලින්. යෙසායා 42:3 කියන දේ තේරුම්ගන්න ඒ තොරතුරු අපිට උදව් වෙනවා. ඒ කාලේ මුහුණ දෙන්න වුණු දුක් පීඩා නිසා මිනිසුන් අන්ත අසරණ තත්වයට පත් වෙලයි හිටියේ. නිවී යන පහන් තිරයක පේන්න තියෙන පුංචිම දැල්ල වගේ, අන්ත අසරණ තත්වයක හිටිය ඒ අයගේ හිත්වල පුංචිම හරි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒක සුන් වෙන විදිහට වැඩ කරන්න යේසුස් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. යේසුස්ගේ හිතේ කොයි තරම් දයානුකම්පාවක් තියෙනවාද කියලා ඒකෙන් පැහැදිලියි.

මතෙව් 26:13

ඇත්තෙන්ම: හෙබ්‍රෙව් භාෂාවෙන් “ආමේන්” කියන වචනය ග්‍රීක භාෂාවෙන් කියන්නේ “ආමෙන්” කියලයි. ඒ වචනයට “එසේම වේවා,” “ඇත්තෙන්ම” කියන අදහස් ඇතුළත්. යම් පොරොන්දුවක්, අනාවැකියක්, කියමනක් කියන්න කලින් යේසුස් ඒ වචනය පාවිච්චි කළා. එහෙම කළේ තමන් කියන දේ ඇත්ත කියලා තහවුරු කරන්න. ඒ වචනය ඒ විදිහට යොදාගෙන තියෙන එකම ආගමික පොත බයිබලය විතරයි. ඒ වචනය එක ළඟ දෙපාරක් සඳහන් තැන්වල ඒක පරිවර්තනය කරලා තියෙන්නේ ‘ඇත්තෙන්ම මම ඔබට කියන්නේ’ කියලයි. යොහන්ගේ සුවිශේෂයේ හුඟක් තැන්වල ඒ යෙදුම තියෙනවා.—යොහ 1:51.

මීඩියා

බයිබල් තොරතුරුවලට අදාළ ඡායාරූප, පින්තූර, නිහඬ වීඩියෝ, කාටූන් චිත්‍ර මේ කොටසේ තියෙනවා.

බෙත්පාගය, ඔලීව කන්ද, යෙරුසලම

මේ කෙටි වීඩියෝ එකෙන් පෙන්වන්නේ ඔලීව කන්දේ එට්ටූර් නගරයේ ඉඳන් යෙරුසලම දක්වා යන පාරක්. ඒ පාර ඔලීව කන්දේ උසම තැනක් හරහා දිව යනවා. එට්ටූර් කියන්නේ බයිබලයේ බෙත්පාගය විදිහට හඳුන්වලා තියෙන නගරය වෙන්න පුළුවන්. බෙත්පාගයට නැඟෙනහිරින් තියෙන්නේ, ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුමේ පිහිටි බෙතානියයි. යේසුස් ගෝලයන් එක්ක හුඟක් අවස්ථාවලදී බෙතානියේ නවාතැන් ගත්තා. බෙතානිය දැන් හඳුන්වන්නේ “එල්අසාරීය” කියන අරාබි නමින්. ඒකේ තේරුම “ලාසරුස්ගේ නිවස” කියන එකයි. ලාසරුස්ගේ ගෙදර යේසුස් නවාතැන් ගත්තා කියලා නම් සැකයක් නැහැ. (මතෙ 21:17; මාක් 11:11; ලූක් 21:37; යොහ 11:1) යේසුස් එහේ ඉඳන් යෙරුසලමට යන්න ඇත්තේ වීඩියෝ එකෙන් පෙන්වන පාරෙන් වෙන්න ඇති. ක්‍රි.ව. 33 නීසාන් 9වෙනිදා බූරු නාම්බෙක් පිට ඔලීව කන්ද හරහා යෙරුසලමට යන්න ඇත්තෙත් ඒ පාරෙන් වෙන්න ඇති. ඔහු ඒ ගමන පටන්ගන්න ඇත්තේ බෙත්පාගයෙන් වෙන්න පුළුවන්.

බෙතානියේ ඉඳන් යෙරුසලමට යද්දී යේසුස් මේ පාරෙන් යන්න ඇති
  1. බෙතානියේ ඉඳන් බෙත්පාගයට යන පාර

  2. බෙත්පාගය

  3. ඔලීව කන්ද

  4. කිද්‍රොන් නිම්නය

  5. දේවමාලිගාව තිබුණු තැන

විලුඹ අස්ථිය පසාරු කළ ඇණයක්

විලුඹ අස්ථිය පසාරු කළ ඇණයක්

යෙරුසලමේ කළ කැණීමකදී සෙ.මී. 11.5ක ඇණයක් පසාරු කරගෙන ගිය අස්ථියක් 1968දී හොයාගෙන තියෙනවා. පින්තූරයෙන් පෙන්වලා තියෙන්නේ ඒ අස්ථියේ ආකෘතියක්. ඒ අස්ථිය රෝම අධිරාජ්‍යය පැවතුණු කාලයට අයිති එකක් කියලා හිතන්න පුළුවන්. ඒ කාලයේදී මරණ දඬුවම ලැබුණු අයව ලී කණුවල ඇණ ගහලා තියෙනවා කියලා කියන්න ඒක හොඳ සාක්ෂියක්. රෝම සොල්දාදුවන් යේසුස්ව කණුවක එල්ලපු වෙලෙත් ඒ වගේ ඇණ පාවිච්චි කරන්න ඇති. හොයාගත්ත අස්ථිය තිබිලා තියෙන්නේ මැරුණු අයගේ ඇටකටු තැන්පත් කරන පෙට්ටියක. කණුවක ඇණ ගහලා මරපු අයවත් තැන්පත් කරලා තියෙනවා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—මතෙ 27:35.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න