පාස්කුව කියන්නේ යේසුස්ගේ මරණය සිහි කිරීමේ පෙරඡායාවක් නෙවෙයි. පාස්කුවේදී පාවිච්චි කරපු සමහර දේවලින් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. උදාහරණෙකට පාවුල් යේසුස්ව හැඳින්නුවා “අපගේ පාස්කු යාගය” කියලා. (1කොරි 5:7) බැටළුවාගේ ලේ උළුවස්සේ ගාපු නිසා ජීවිත බේරුණා වගේ යේසුස්ගේ රුධිරය නිසා මිනිසුන්ට ජීවිත ගලවාගන්න අවස්ථාව ලැබෙනවා. (නික් 12:12, 13) පාස්කුවට පිළියෙල කරන බැටළුවාගේ එක ඇටයක්වත් බින්දේ නැහැ. වධකණුවේ ඇණ ගහන අයගේ ඇටකටු කඩන එක ඒ කාලේ චාරිත්‍රයක් වුණත් යේසුස්ගේ එක ඇටයක්වත් කැඩුවේ නැහැ.—නික් 12:46; යොහ 19:31-33, 36.