ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 මාර්තු 5 පි.
  • සේවයේ දක්ෂ වීමට - අර්ථවත් විදිහට ලියුම් ලියන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - අර්ථවත් විදිහට ලියුම් ලියන්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ලිපි මාර්ගයෙන් අදහස් හුවමාරුව
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ලියුම් ලිවිය යුතු අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ඔයා JW කන්ටැක්ට් කාඩ් එකෙන් සාක්ෂි දරනවද?
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පාඩම් පටන්ගැනීමට අපට අලුත් මෙවලමක්!
    2001 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 මාර්තු 5 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - අර්ථවත් විදිහට ලියුම් ලියන්න

ඒක වැදගත් ඇයි? පාවුල් ක්‍රිස්තියානීන්ව දිරිගන්වන්න 1 කොරින්ති පොත ඇතුළු ලියුම් 14ක් ලිව්වා. ලියුමක් ලියද්දී කියන්න ඕන දේවල් ගැන හොඳට හිතන්න ලියුම ලියන කෙනාට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ලියුම ලබන කෙනාට ඒක ආයේ ආයේ කියවන්නත් අවස්ථාව ලැබෙනවා. ලියුම් මාර්ගයෙන් අපේ නෑදෑයන්ටත් යාළුවන්ටත් සාක්ෂි දරන්න පුළුවන්. සත්‍යය ගැන උනන්දුවක් පෙන්නුවත් නිතර ගෙදර නැති අයව, ආරක්ෂාව තර කරලා තියෙන ගොඩනැඟිලිවල ඉන්න අයව, ගේට්ටු දාලා වහලා තියෙන නිවාස සංකීර්ණවල ඉන්න අයව මුණගැහෙන එක අභියෝගයක් වෙන්න පුළුවන්. මුණගැහෙන්න අමාරු ඒ වගේ අයටත් සාක්ෂි දරන්න ලියුම් ලියන එක හොඳ ක්‍රමයක්. ලියුම් ලියද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා ගැනද?

පාවුල් ලියුමක් ලියමින්

ඒක කරන්නේ කොහොමද?

  • සහෝදරියක් ලියුමක් ලියමින්

    ඒ කෙනාව මුණගැහුණා නම් ඔයා කියන දේවල්ම ලියුමේ ලියන්න. මුලින්ම ඔයාව හඳුන්වලා දෙන්න. ලියුම ලියන්නේ ඇයි කියලත් පැහැදිලි කරන්න. ඔයාට පුළුවන් එයාව හිතන්න සලස්වන ප්‍රශ්නයක් අහලා අපේ වෙබ් අඩවියෙන් ඒකට උත්තරේ දැනගන්න පුළුවන් විදිහ ගැන කියන්න. ඊටපස්සේ අපි බයිබල් පාඩම් පවත්වන විදිහ ගැනත් කියන්න. බයිබල් පාඩම් කරන්න අපි පාවිච්චි කරන ප්‍රකාශනවල කතා කරන මාතෘකා කිහිපයක් ගැනත් කියන්න. අපේ කන්ටැක්ට් කාඩ් එක, ආරාධනා පත්‍රිකාවක් නැත්නම් වෙන පත්‍රිකාවක් ලියුමත් එක්ක යවන්න පුළුවන්

  • කෙටියෙන් ලියන්න. ලියුම ගොඩක් දික් වුණොත් කියවන්න කැමති වෙන එකක් නැහැ.—තියෙන ලියුම බලන්න

  • ලියපු දේවල අඩුපාඩුවක් තියෙනවාද කියලා ආයෙත් හොඳට කියවලා බලන්න. මිත්‍රශීලී විදිහටත් කියවන කෙනාගේ හිතට කාවදින විදිහටත් අපි ගැන වරදවා වටහාගැනීමක් ඇති නොවෙන විදිහටත් තොරතුරු තියෙනවාද බලන්න. නියමිත මුද්දර ප්‍රමාණය කවරයේ අලවන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න