යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෙහෝවා දෙවියන් සතුටු වෙයිද?
ඕනෙම තීරණයක් ගන්න කලින් ඒ ගැන ‘යෙහෝවා දෙවියන් සතුටු වෙයිද’ කියලා හිතන්න ඕනේ. ඔහු හිතන විදිහ සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න අපිට බැහැ. (රෝම 11:33, 34) ඒත් “සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක්” වෙන්න ඕන කරන තොරතුරු ඔහු බයිබලයේ සඳහන් කරලා තියෙනවා. (2තිමෝ 3:16, 17) යේසුස් දෙවියන්ගේ කැමැත්ත හොඳින් අවබෝධ කරගෙන ඒකට මුල් තැන දුන්නා. (යොහ 4:34) ඒ වගේ අපිත් දෙවියන් සතුටු වෙන විදිහට තීරණ ගන්න වෑයම් කරමු.—යොහ 8:28, 29; එෆී 5:15-17.
‘යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත වටහාගැනීමට නිරතුරුවම උත්සාහ කරන්න’ (ලෙවී 19:18) කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
බයිබල් ප්‍රතිපත්ති අපි අදාළ කරගන්න ඕනෙ ඇයි?
අහන සංගීතය ගැන තීරණයක් ගද්දී හිතන්න ඕන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?
ඇඳුම් පැළඳුම් තෝරාගද්දී හිතන්න ඕන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?
බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ඕන ජීවිතේ තවත් මොන පැතිවලටද?
දෙවියන්ගේ කැමැත්ත තවත් හොඳින් අවබෝධ කරගන්න පුළුවන් කොහොමද?
මං ගන්න තීරණවලින් යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීම ගැන හෙළි වෙන්නේ මොනවාද?