යහපත් ක්‍රිස්තියානීන් වෙමු
එයාලගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
ඔයා සහායක සේවකයෙක් හරි වැඩිමහල්ලෙක් හරි වුණේ ළඟදිද? සමහර කාරණා සම්බන්ධයෙන් ඔයා අනිත් වැඩිමහල්ලන්ට, සහායක සේවකයන්ට වඩා දක්ෂ ඇති. එයාලට වඩා යම් දේවල් ගැන හොඳ දැනුමකුත් ඔයාට ඇති. ඒත් ඒ සහෝදරයන්ගෙන් වගේම මහලු වයස, සෞඛ්‍ය ගැටලු නැත්නම් පවුල් වගකීම් නිසා දැන් වැඩිමහල්ලන් විදිහට වැඩ කරන්නේ නැති විශ්වාසවන්ත සහෝදරයන්ගෙනුත් ඔයාට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
‘අද්දැකීම් ලත් පුරුෂයන්ට ගරු කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
1. රිචඩ්ස්, බෙලෝට ගෞරව කරනවා කියලා පෙන්නුවේ කොහොමද?
2. බෙන් අතින් වුණු වරද මොකක්ද? එහෙම වුණේ ඇයි?
3. එලිෂාගේ ආදර්ශයෙන් බෙන් ඉගෙනගත්තේ මොනවාද?
4. ඔයා සහෝදරයෙක් වුණත් සහෝදරියක් වුණත් අද්දැකීම් තියෙන සහෝදරයන්ට ගෞරවයෙන් සලකන්නත් එයාලගෙන් ඉගෙනගන්නත් ඔයාට පුළුවන් කොහොමද?