ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 නොවැම්බර් 3 පි.
  • ඔයාගේ විවාහ උත්සවය සැලසුම් කරද්දී ලෝකයේ බලපෑමට අහු වෙන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ විවාහ උත්සවය සැලසුම් කරද්දී ලෝකයේ බලපෑමට අහු වෙන්න එපා
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාට ගෞරවයක් ගේන විවාහ උත්සවයක්
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට ගෞරවය ගෙන දෙන ප්‍රීතිමත් විවාහ මංගල්‍යයන්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට ගෞරවය ගෙනෙන විවාහ මංගල්‍යයන්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 නොවැම්බර් 3 පි.
විවාහ උත්සවයකදී පවුලේ අය එක්ක ගත්ත ෆොටෝ එකක්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයාගේ විවාහ උත්සවය සැලසුම් කරද්දී ලෝකයේ බලපෑමට අහු වෙන්න එපා

විවාහ උත්සවයක් සැලසුම් කරද්දී ක්‍රිස්තියානි යුවළකට හුඟක් තීරණ ගන්න වෙනවා. ලෝකේ අය වගේ සුපිරි විවාහ මංගල්‍යයක් ගන්න එයාලටත් ලොකු බලපෑමක් එන්න පුළුවන්. පවුලේ අයයි, යාළුවොයි විවිධ යෝජනා දෙන්නත් ඉඩ තියෙනවා. ඒත් යුවළක් විවාහ උත්සවය සැලසුම් කරන්න ඕනෙ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් පස්සේ කාලෙක පසුතැවෙන්නේ නැතුව ඉන්නත් පුළුවන් වෙන විදිහටයි. ඒකට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

‘දෙවිව ගෞරවයට පත් කරන විවාහ උත්සවයක්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • පහත සඳහන් බයිබල් ප්‍රතිපත්ති නික්ටයි, ජූලියානාටයි උදව් වුණේ කොහොමද?

    • 1කොරි 10:31

    • 1යොහ 2:15, 16

    • ගලා 5:19-21

    • 1තිමෝ 2:9

  • යුවළක් විවාහ ‘උත්සවයේ වැඩකටයුතු අධීක්ෂණය කරන්න,’ අවබෝධයෙන් වැඩ කරන සහෝදරයෙක්ව තෝරගන්න ඕන ඇයි?—යොහ 2:9, 10.

  • නික් සහ ජූලියානා එයාලගේ විවාහ උත්සවය සම්බන්ධයෙන් ගත්ත තීරණ මොනවාද? ඒ තීරණ ගත්තේ ඇයි?

  • විවාහ උත්සවය ගැන තීරණ ගන්න වගකීම තියෙන්නේ කාටද?—w06 10/15 25 10¶.

පින්තූරුවල අදහස: ‘දෙවිව ගෞරවයට පත් කරන විවාහ උත්සවයක්’ කියන වීඩියෝ එකේ විවිධ අවස්ථා. ක්‍රිස්තියානි යුවළක් වන නික් සහ ජූලියානා තමන්ගේ විවාහ උත්සවය සැලසුම් කරනවා. එයාලට හුඟක් දේවල් ගැන තීරණ ගන්න වෙනවා. 1. යුවළ තනි තනිවම යාච්ඤා කරනවා. 2. එයාලා හොයාගත්ත තොරතුරු දැක්වෙන ටැබ් එකක් සහ ලියකියවිලි කීපයක්. 3. යුවළ විවාහ සැලසුම් ගැන පවුලේ අය එක්ක සාකච්ඡා කරමින්. 4. යුවළ පවුලේ අයත් මිතුරනුත් එක්ක එකතු වෙලා විවාහ ආරාධනා පත් සකස් කරමින්.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න