දේවවචනය නිධානයක් | නික්මයාම 8-9
පාරාවෝ නොදැනුවත්වම දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න දායක වුණා
ඊජිප්තුවේ රජවරුන් තමන්ව සැලකුවේ දෙවිවරුන් විදිහට. ඒ නිසා තමයි මෝසෙස්ට සහ ආරොන්ට විතරක් නෙවෙයි තමන්ගෙම මන්තර ගුරුකම් කරන පූජකයන්ට පවා ඇහුම්කන් නොදෙන්න තරම් පාරාවෝ උඩඟු වුණේ.
අනිත් අය යෝජනා දෙද්දී ඔයා ඒවාට ඇහුම්කන් දෙනවාද? කෙනෙක් ඔයාට උපදෙසක් දුන්නාම ඔයා ඒක අගය කරනවාද? එහෙමත් නැත්නම් ඔයා තමයි හැම දේම දන්නේ කියලා ඔයාට හිතෙනවාද? බයිබලයේ කියනවා “විනාශයට මුල උඩඟුකම” කියලා. (හිතෝ 16:18) උඩඟු නොවී දිගටම නිහතමානීව කටයුතු කරන්න වෑයම් කරන එක මොන තරම් වැදගත්ද කියලා ඒකෙන් පැහැදිලියි.