යහපත් ක්‍රිස්තියානීන් වෙමු
නිහතමානී වෙන්න - පුරසාරම් දොඩන්න එපා
කෙනෙක් තමන් ගැනම පුරසාරම් දොඩනවා නම් ඒකෙන් පෙන්වන්නේ එයා උඩඟු කෙනෙක් කියලයි. පුරසාරම් දොඩද්දී අනිත් අය දිරිගැන්වෙන්නෙත් නැහැ. ඒ නිසයි බයිබලයේ මෙහෙම කියන්නේ. “අන් අය ඔබ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරත්වා! නමුත් ප්‍රශංසා මුඛයෙන් ඔබ ගැනම කතා නොකරන්න.”—හිතෝ 27:2.
‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - නිහතමානී වෙන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
සාමාන්‍යයෙන් මිනිසුන් පුරසාරම් දොඩන්නේ මොන වගේ දේවල් ගැනද?
යාළුවා එක්ක කතා කරද්දී දුලේන් පුරසාරම් දෙඩුවේ මොනවා ගැනද?
නිහතමානී වෙන එක මොන තරම් වැදගත්ද කියලා දුලේන්ගේ තාත්තා එයාට කියලා දුන්නේ කොහොමද?
1 පේතෘස් 5:5 තියෙන දේ නිහතමානී වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද?