දේවවචනය නිධානයක් | නික්මයාම 10-11
මෝසෙස් සහ ආරොන් හුඟක් ධෛර්යවන්තව කටයුතු කළා
මෝසෙස් සහ ආරොන් ලෝකයේ බලවත්ම පාලකයා වන පාරාවෝ ඉදිරියට ගිහින් කතා කළා. එහෙම කරන්න පුළුවන් වුණේ එයාලට ලොකු ධෛර්යයක් තිබුණු නිසයි. ඒ වගේ ධෛර්යයක් ඇති කරගන්න එයාලට උදව් වුණේ මොකක්ද? ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔහු [මෝසෙස්] තුළ තිබූ විශ්වාසය නිසා ඔහු ඊජිප්තුව අත්හැර ගියේය. ඔහු එසේ කළේ රජුගේ කෝපයට බිය වූ නිසා නොව නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් ඔහු දිගටම ස්ථිරව සිටි නිසාය.” (හෙබ්රෙ 11:27) මෝසෙස්ටත් ආරොන්ටත් යෙහෝවා දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. කොයි වෙලෙත් එයාලා දෙවියන් මත රඳා හිටියා.
අධිකාරියක් තියෙන කෙනෙක්ට ඔයාගේ විශ්වාසයන් ගැන නිර්භීතව පැහැදිලි කරන්න වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?