දේවවචනය නිධානයක් | නික්මයාම 25-26
ශුද්ධ කූඩාරමේ තිබුණු වැදගත්ම දේ
ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරේ තිබුණු වැදගත්ම දේ තමයි ගිවිසුම් පෙට්ටිය. ඒකේ පියන මත සවි කරලා තිබුණු කෙරුබ්වරුන් දෙන්නා මැද දිස් වුණු වලාකුළෙන් යෙහෝවා දෙවියන් එතන ඉන්නවා කියන දේ නියෝජනය වුණා. හැම අවුරුද්දකම සමඟි කිරීමේ දවසේදී උත්තම පූජකයා අතිශුද්ධස්ථානයට ඇතුල් වෙලා වස්සාගේ සහ එළුවාගේ ලේ ගිවිසුම් පෙට්ටියේ පියන මත ඉහුවා. එහෙම කළේ ඊශ්‍රායෙල්වරුන්ගේ පව්වලට සමාව ලබාගන්නයි. (ලෙවී 16:14, 15) ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා වුණු යේසුස් තමන් පූජා කරපු මිනිස් ජීවිතය වන්දියක් විදිහට යොදාගන්න යෙහෝවා දෙවියන්ට ඉදිරිපත් කරපු එක ඒකෙන් නියෝජනය වුණා.—හෙබ්‍රෙ 9:24-26.
එක් එක් බයිබල් පදවලට අනුව යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා තෝරන්න.
බයිබල් පද
ප්‍රයෝජන
- සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව 
- පව්වලට සමාව 
- නිදොස් හෘදය සාක්ෂියක් 
මේ ප්‍රයෝජන ලබන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?