ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 දෙසැම්බර් 3 පි.
  • දෙවියන් ලබා දෙන හික්මවීමට අපි ළැදියි කියලා පෙන්වමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් ලබා දෙන හික්මවීමට අපි ළැදියි කියලා පෙන්වමු
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සභාවෙන් ඉවත් කිරීම ප්‍රේමණීය සැලැස්මක්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආදරය කරන කෙනෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියොත් . . .
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 දෙසැම්බර් 3 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවියන් ලබා දෙන හික්මවීමට අපි ළැදියි කියලා පෙන්වමු

පසුතැවිලි නොවන වරදකරුවෙක්ව සභාවෙන් ඉවත් කරන එකෙන් සභාවේ අයට ආරක්ෂාවක් ලැබෙනවා වගේම වරදකරුට හික්මවීමකුත් ලැබෙනවා. (1කොරි 5:6, 11) කෙනෙක්ව සභාවෙන් ඉවත් කරද්දී පවුලේ අය, විනිශ්චය කමිටුවේ අය ඇතුළු හැමෝටම ඒක ලොකු වේදනාවක් වුණත් අපි ඒ සැලැස්මට සහයෝගය දක්වද්දී පෙන්වන්නේ අපේ ආදරය සහ ළැදිකමයි. ඇයි එහෙම කියන්නේ?

ප්‍රධානම හේතුව තමයි යෙහෝවා දෙවියන්ගේ නාමයට කැළැලක් වෙනවාට අපි පොඩ්ඩක්වත් කැමති නැහැ කියලත් ශුද්ධකම ගැන ඔහු දීලා තියෙන ප්‍රමිතිවලට ළැදියි කියලත් අපි ඒකෙන් පෙන්වනවා. (1පේතෘ 1:14-16) සභාවෙන් ඉවත් කරපු කෙනා ගැන අපිට තියෙන ආදරයත් අපි පෙන්වනවා. බරපතළ හික්මවීමක් ලැබෙද්දී ඒක වේදනාකාරී වුණත් ඒකෙන් ප්‍රයෝජන ගත්තොත් “ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න” පුළුවන් වෙනවා. (හෙබ්‍රෙ 12:5, 6, 11) සභාවෙන් ඉවත් කරපු කෙනෙක්ව හරි ඉවත් වුණු කෙනෙක්ව හරි ඇසුරු කළොත් අපි පෙන්වන්නේ දෙවියන් දෙන හික්මවීම අපි ගණන් ගන්නේ නැහැ කියලයි. යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව හික්මවන්නේ “සුදුසු ප්‍රමාණයටයි” කියලා මතක තියාගමු. (යෙරෙ 30:11) වරද කරපු කෙනා දයාවෙන් පිරුණු අපේ පියාණන් ළඟට ආයෙත් එන කල් අපි බලාගෙනයි ඉන්නේ. ඒ දවස එන කල් දෙවියන් හික්මවීම ලබා දෙන සැලැස්මට දිගටම සහයෝගය දෙමු. ඔහුට තවත් ළං වෙන්න කරන්න පුළුවන් හැම දේම අපි කරමු.—යෙසා 1:16-18; 55:7.

‘මුළු හදවතින්ම දෙවිට ළැදිව ඉන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘මුළු හදවතින්ම දෙවිට ළැදිව ඉන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ගෙදරින් ගිය පුතා ලියපු ලියුම කියවලා ගැබ්‍රියෙලා සහ බෙන් හුඟක් දුක් වෙනවා.

    දරුවෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියාම දෙමාපියන්ට දැනෙන්නේ කොහොමද?

  • ‘මුළු හදවතින්ම දෙවිට ළැදිව ඉන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ගැබ්‍රියෙලාගේ සහ බෙන්ගේ යාළුවන් රැස්වීමකින් පස්සේ එයාලව සනසනවා.

    පවුලේ අනිත් විශ්වාසවන්ත අයට උදව් කරන්න සභාවේ අයට පුළුවන් කොහොමද?

  • ‘මුළු හදවතින්ම දෙවිට ළැදිව ඉන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ගැබ්‍රියෙලා කෝරා කැරලිගහපු සිද්ධිය ගැන හිතනවා.

    පවුලේ අයට වඩා යෙහෝවා දෙවියන්ට ළැදි වෙන්න ඕනෙ කියලා පෙන්වන බයිබල් වාර්තාව මොකක්ද?

  • ‘මුළු හදවතින්ම දෙවිට ළැදිව ඉන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. රැස්වීමෙන් පස්සේ ගැබ්‍රියෙලා පුතා එවපු මෙසේජ් එකක් ගැන බෙන්ට කියනවා.

    පවුලේ අයට වඩා දෙවියන්ට ළැදියි කියලා පෙන්වන්න අපිට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න