ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 3 පි.
  • දෙමාපියෙනි, මේ ගැන දරුවන් දන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙමාපියෙනි, මේ ගැන දරුවන් දන්නවාද?
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පවුලක් විදිහට සතුටින් ඉන්නේ කොහොමද? - 2වෙනි කොටස
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දෙමාපියෙනි ඔබේ දරුවන්ව ආරක්ෂා කරගන්න!
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙමාපියෙනි, පුංචි හිත්වල යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපගේ දරු දැරියෝ අගනා උරුමයක්!
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 3 පි.
ආරක්ෂා වෙන විදිහ ගැන දෙමාපියන් කියලා දෙන වෙලාවක දරුවන් අතින් ‘එපා!’ කියලා කියන්න පුරුදු වෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙමාපියෙනි, මේ ගැන දරුවන් දන්නවාද?

අපි ඉන්නේ නපුර යහපත කියලා සලකන සමාජයක. (යෙසා 5:20) යෙහෝවා දෙවියන් පිළිකුල් කරන අනාචාර ක්‍රියා හැම තැනම පැතිරිලා. සමලිංගික ඇසුර ඒකෙන් එකක්. ඒ වගේ දේවල්වල හවුල් වෙන්න ඉස්කෝලේ යාළුවෝ, අනිත් අය අපේ දුවලා පුතාලව පොලඹවන්න ඉඩ තියෙනවා. ඒ දේට වගේම වෙනත් අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න දරුවන්ව ලෑස්ති කරන්න ඔයාට පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිති ගැන දරුවන්ට කියලා දෙන්න. (ලෙවී 18:3) එයාලගේ වයසට ගැළපෙන විදිහට ලිංගික කාරණා ගැන බයිබලේ තියෙන දේවල් උගන්වන්න. (ද්වි 6:7) මේ ගැන හිතන්න. ‘අනිත් අයව ආශ්‍රය කරද්දී කරන්න හොඳ මොනාද, හොඳ නැත්තේ මොනාද කියලා දරුවා දන්නවාද? විනීතව අඳින්න ඕනෙ ඇයි කියලා එයාට කියලා දීලා තියෙනවාද? ඇඳුම් මාරු කරද්දී, නාද්දී වගේ වෙලාවලදී සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල් ගැන එයා දන්නවාද? කවුරු හරි කාමුක දර්ශනයක් පෙන්වන්න හැදුවොත්, දෙවියන් අකමැති දෙයක් කරන්න කිව්වොත් මොනාද කරන්න ඕනෙ කියලා එයා දන්නවාද?’ කලින්ම ඒ දේවල් ගැන දරුවාව දැනුවත් කරනවා නම් බරපතළ ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්න පුළුවන්. (හිතෝ 27:12; දේශ 7:12) දරුවන් දැනගෙන ඉන්න ඕනෙ දේවල් කියලා දෙන එකෙන් ඔයා පෙන්වන්නේ දෙවියන්ගෙන් ලැබුණ උරුමය ඔයාට හුඟක් වටිනවා කියලයි.—ගීතා 127:3.

‘කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න - “නපුරු දේවලින්” දරුවාව ආරක්ෂා කරගන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න - “නපුරු දේවලින්” දරුවාව ආරක්ෂා කරගන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. අම්මා කෙනෙක් එයාගේ පුතා එක්ක ‘දරුවන්ව ආරක්ෂා කරගන්න’ කියන වීඩියෝ එක බලනවා.

    සමහරු ලිංගික කාරණා දරුවන් එක්ක කතා කරන්න අදිමදි කරන්නේ ඇයි?

  • ‘කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න - “නපුරු දේවලින්” දරුවාව ආරක්ෂා කරගන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් එයාලගේ දරුවන් දෙන්නාත් එක්ක ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ කියන පොත සාකච්ඡා කරනවා.

    දෙමාපියන් දරුවන්ට ‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දෙන්නත් දෙවි හිතන විදිහට හිතන්න උගන්වන්නත්’ ඕනෙ ඇයි?—එෆී 6:4

  • ‘කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න - “නපුරු දේවලින්” දරුවාව ආරක්ෂා කරගන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. අප්‍රිකාවේ ඉන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් එයාලගේ දරුවන් එක්ක බයිබලය කියවලා සාකච්ඡා කරනවා.

    දැනුම ආරක්ෂාවක්

    ලිංගික කාරණා ගැන දරුවන්ට කියලා දෙන්න සංවිධානයෙන් දීලා තියෙන්නේ මොන වගේ දේවල්ද?—w19.05 12, කොටුව

  • බරපතළ ප්‍රශ්න ඇති වෙන්න කලින් දරුවන් එක්ක නිතරම කතාබහ කරන එක වැදගත් ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න