සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න
අධ්‍යයනය කරන්න ශිෂ්‍යයාට කියලා දෙන්න
යෙහෝවාට ළං වෙන්න, අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න බයිබල් ශිෂ්‍යයෙක්ට පාඩමෙන් ඉගෙනගන්න දේවල් විතරක් මදි. අධ්‍යයනය කරන්නේ කොහොමද කියලත් එයා දැනගෙන ඉන්න ඕනේ.—මතෙ 5:3; හෙබ්‍රෙ 5:12–6:2.
පාඩම පටන්ගත්ත දවසේ ඉඳන්ම පාඩමට ලෑස්ති වෙන විදිහ ශිෂ්‍යයාට කියලා දෙන්න. ඒක දිගටම කරන්න එයාව දිරිගන්වන්න. (mwb18.03 6) අධ්‍යයනය කරන හැම වතාවකදීම ඒකට කලින් යාච්ඤා කරන්න කියලා එයාට කියන්න. අපේ වෙබ් අඩවියට යන්න, ඇප් ඩවුන්ලෝඩ් කරලා ඒවා පාවිච්චි කරන්න එයාට කියලා දෙන්න. අධ්‍යයනය කරන්න ඒවා එයාට උදව් වෙයි. ඒ වගේම jw.org වෙබ් අඩවියේ සහ JW බ්‍රෝඩ්කාස්ටිං එකේ අලුතින්ම එන දේවල් බලන විදිහත් එයාට කියලා දෙන්න. හැම දවසකම බයිබලය කියවන්න, රැස්වීම්වලට ලෑස්ති වෙන්න, එයාගේ හිතට එන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ටිකෙන් ටික ශිෂ්‍යයාට කියලා දෙන්න. ඒ විතරක් නෙමෙයි ඉගෙනගන්න දේවල් ගැන හොඳට හිතලා බලන්න කියලත් එයාට කියන්න.
‘බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න - දෙවියන්ට ළං වෙන්න උදව් වෙන පෝෂණය ලබාගන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
අධ්‍යයනය කරනවා කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ හොයන එක නෙවෙයි. ඒක තේරුම්ගන්න නීටා ලිලීට උදව් කළේ කොහොමද?
වේශ්‍යාකම ගැන යෙහෝවා කියලා තියෙන දේ හරියි කියලා තේරුම්ගන්න ලිලීට උදව් වුණේ මොකක්ද?
අධ්‍යයනය කරලා අදාළ කරගන්න ශිෂ්‍යයාට කියලා දෙන්න
ගැඹුරින් කල්පනා කරන එකේ වැදගත්කම ගැන ලිලී තේරුම්ගත්තේ මොකක්ද?