ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මාර්තු 9 පි.
  • ඔයාගේ ඔන්ලයින් යාළුවෝ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ ඔන්ලයින් යාළුවෝ කවුද?
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔන්ලයින් මිතුරුකම් කමක් නැද්ද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • මිතුරු සමාජ වෙබ් අඩවිවල අනතුරු හඳුනාගන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අන්තර්ජාලය හරහා මිතුරුකම් පැවැත්වීම භයානකද?​—2වෙනි කොටස
    2011 පිබිදෙව්!
  • දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබ දැන සිටිය යුතු දේ
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මාර්තු 9 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයාගේ ඔන්ලයින් යාළුවෝ කවුද?

යාළුවෙක් කියන්නේ “ලෙන්ගතුකමේ නැත්නම් ගෞරවයේ හැඟීමකින් තව කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගන්න කෙනෙක්ට” කියලා එක ශබ්දකෝෂයක කියනවා. දාවිත් සහ යොනාතාන් ඒ වගේ දෙන්නෙක්. ගොලියත්ව මැරුවාට පස්සේ දාවිතුයි, යොනාතානුයි අතරේ හරිම කිට්ටු බැඳීමක් ඇති වුණා. (1සාමු 18:1) හොඳ යාළුවෝ වෙන්න උදව් වෙන වටිනා ගුණාංග ඒ දෙන්නාටම තිබුණා. කෙනෙක්ව යාළුවෙක් කරගන්න නම් එයාව හොඳට අඳුරගන්න ඕනේ. ඒකට කාලයක් යයි. මහන්සි වෙන්නත් වෙයි. ඒත් ඔන්ලයින් “යාළුවෝ” හොයාගන්න නම් පොඩ්ඩක්වත් අමාරු නැහැ. කරන්න තියෙන්නේ එක සැරයක් ක්ලික් කරන්න හරි ටච් කරන්න හරි විතරයි. හැබැයි ඔන්ලයින් හරහා කෙනෙක්ට හරිම ලේසියෙන් තමන් ගැන ඇත්ත හංගන්න පුළුවන් කියලා අමතක කරන්න එපා. ඒ නිසා ඔයා ඔන්ලයින් යාළුවෝ කරගන්නේ මොන වගේ අයවද කියලා කලින්ම තීරණය කරන්න. දන්නැති කෙනෙක් ඔයාගේ යාළුවෙක් වෙන්න ඇහුවොත් මොකද කරන්නේ? එයාගේ හිත රිදෙයිනේ කියලා හිතලා එයාව යාළුවෙක් කරගන්න ඉක්මන් වෙන්න එපා. සමහරු මිතුරු සමාජ වෙබ් අඩවිවල තියෙන අනතුරු නිසා ඒවා පාවිච්චි කරන්නේ නැතුවම ඉන්න තීරණය කරලා තියෙනවා. ඔයා ඒවා පාවිච්චි කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වෙයි.

‘මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • “මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!” කියන වීඩියෝ එකේ දර්ශනයක්. ගෑනු ළමයෙක් එයාගේ ෆොටෝ ටීවි එකෙන් දැකලා පුදුම වෙනවා.

    කමෙන්ට් එකක්, පින්තූරයක් දාන්න කලින් හිතන්න ඕනෙ මොනවා ගැනද?

  • ‘මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. චණ්ඩි දෙන්නෙක් මිතුරු සමාජ වෙබ් අඩවියක පින්තූරයක් පෙන්නද්දී පිරිමි ළමයෙක් මූණ වහගන්නවා.

    ඔන්ලයින් යාළුවෝ තෝරගද්දී පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

  • “මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!” කියන වීඩියෝ එකේ දර්ශනයක්. මුළු රෑම ලැප්ටොප් එක පාවිච්චි කරලා ඒක උඩ නිදාගෙන ඉන්න පිරිමි ළමයෙක්.

    මිතුරු සමාජ වෙබ් අඩවිවල ගත කරන කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?—එෆී 5:15, 16

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න