ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 3 පි.
  • පුරෝගාමි සේවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුරෝගාමි සේවය
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • නව සේවා වසර සඳහා කදිම ඉලක්කයක්
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • යෙහෝවා දෙවිගේ උතුම් ගතිගුණ සෑම තැනම ප්‍රකාශ කරන්න
    2007 අපගේ රාජ්‍ය සේවාව
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 3 පි.
තරුණ දුවෙක්, එයාගේ අම්මායි, තාත්තායි, ආච්චියි එක්ක එකතු වෙලා එයාලගේ කාලසටහන ගැන කතා කරගන්නවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු | අලුත් සේවා වසරට ඉලක්කයක්!

පුරෝගාමි සේවය

ඉලක්ක තියාගන්න එක ඉතුරු වෙලා තියෙන මේ කෙටි කාලය ඥානවන්තව පාවිච්චි කරන්න අපිට උදව් වෙනවා. (එෆී 5:15, 16) යෙහෝවා දෙවියන් වෙනුවෙන් වැඩි සේවයක් කරන්න ඉලක්ක තියාගද්දී අපේ ශක්තිය හොඳට පාවිච්චි කරන්න අපිට පුළුවන්. (1කොරි 9:26) අලුත් සේවා වසරේදී ඔයාට තියාගන්න පුළුවන් මොන වගේ ඉලක්කද? ඒ ගැන පවුලේ නමස්කාරයේදී කතා කරගන්න පුළුවන්ද? ඔයාට තියාගන්න පුළුවන් ඉලක්ක කීපයක් ගැන මේ වැඩපොතේ කතා කරනවා. ඒ ගැන යාච්ඤා කරලා හොඳට හිතලා බලන්න.—යාකො 1:5.

උදාහරණෙකට පවුලක් විදිහට කතා වෙලා එක් කෙනෙක්ට හරි ස්ථාවර පුරෝගාමි සේවය කරන්න උදව් කරන්න පුළුවන්ද? පැය ගාණ සම්පූර්ණ කරගන්න බැරි වෙයි කියලා සැකයක් තියෙනවා නම් ඔයාගේ තත්වයේ ඉන්න පුරෝගාමියෙක් එක්ක කතා කරන්න. (හිතෝ 15:22) ඒ වගේ කෙනෙක්ව පවුලේ නමස්කාරයට හවුල් කරගෙන එයා වැඩ කරන විදිහ ගැන අහලා බලන්න. ඊටපස්සේ ඔයාට ගැළපෙන විදිහේ කාලසටහනක් හදාගන්න. ඔයා කලින් පුරෝගාමී කරපු කෙනෙක් නම් ආයෙත් එහෙම කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න.

පවුලේ එක් කෙනෙක්ට හරි මාසයක් නැත්නම් මාස කීපයක් සහායක පුරෝගාමී කරන්න පුළුවන්ද? ඔයා ගොඩක් මහන්සි වෙන්න බැරි කෙනෙක්ද? එහෙනම් හැම දවසකම චූටි වෙලාවක් සේවය කරලා පුරෝගාමී කරන්න පුළුවන්ද? ඔයා රස්සාවක් කරන නැත්නම් ඉස්කෝලේ යන කෙනෙක්ද? එහෙනම් සති අන්ත 5ක් තියෙන, නිවාඩු වැඩියෙන් තියෙන මාසවල පුරෝගාමී කරන්න පුළුවන්ද? පුරෝගාමි සේවය කරන්නේ කොයි මාසවලද කියලා කැලැන්ඩරේක ලකුණු කරගන්න. ගැළපෙන කාලසටහනකුත් හදාගන්න.—හිතෝ 21:5.

‘ධෛර්යවත් . . . පුරෝගාමියෙක් වෙන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • පුරෝගාමි සේවය කරන්න කැප කිරීම් කරපු සහෝදරී එමාව යෙහෝවා දෙවියන් බලාගත්තේ කොහොමද? ඒකෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න