නව සේවා වසර සඳහා කදිම ඉලක්කයක්
1. නව සේවා වසරේදී අපිට තබාගත හැකි ඉලක්කය කුමක්ද?
1 සත්‍යය තුළ අප ප්‍රගතියක් ලබන්න නම් ඉලක්ක තබාගැනීම වැදගත්. නව සේවා වසර සඳහා ඔබ තබා තිබෙන ඉලක්ක මොනවාද? ඔබට තබාගත හැකි වටිනා ඉලක්කයක් නම් නව සේවා වසරේදී මාසයක් හෝ මාස කිහිපයක් උපකාරික පුරෝගාමි සේවය කිරීමයි. ප්‍රීතියක් ලැබිය හැකි මේ සේවයේ හවුල් වීමට නම් කලින් සැලසුම් කිරීම අවශ්‍යයි. ඒ සඳහා හොඳම කාලයි මෙයයි. උපකාරික පුරෝගාමි සේවය කිරීමේ ඉලක්කය ගැන අපි කල්පනා කර බැලිය යුතුවීමට තිබෙන හේතු කිහිපයක් දැන් අපි සලකා බලමු.
2. උපකාරික පුරෝගාමි සේවයේ ඉලක්කය ගැන අපි කල්පනා කළ යුත්තේ ඇයි?
2 උපකාරික පුරෝගමි සේවය කිරීමට හේතු: අපි උපකාරික පුරෝගාමි සේවයේ හවුල් වන විට වැඩි කාලයක් සේවයේ සහභාගි වන නිසා අපේ ස්වර්ගික පියාව “වඩ වඩා” සතුටු කරන්න අපිට හැකි වෙනවා. (1 තෙස. 4:1) යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කර තිබෙන දේවල් ගැන සිතද්දී ඔහු ගැන අන් අයට පවසන්න අප තුළ නිතැතින්ම පෙලඹීමක් ඇති වෙනවා. (ගීතා. 34:1, 2) සේවයේ වැඩියෙන් හවුල් වීම සඳහා අපි කරන කැප කිරීම් ඔහු දකිනවා පමණක් නොව එය අගය කරනවා. (හෙබ්‍රෙ. 6:10) අපි වෙහෙස මහන්සි වී කරන සේවය දකින ඔහු සන්තෝෂ වෙන බව දැන සිටීම අපටත් ඉමහත් ප්‍රීතියක්.—1 ලේක. 29:9.
3, 4. උපකාරික පුරෝගාමි සේවයෙන් අපිට මොන වගේ දිරිගැන්වීමක් ලැබෙනවාද?
3 සාමාන්‍යයෙන් ඔබ යම් දෙයක වැඩියෙන් නියැලෙන විට ඒ දෙය කිරීම වඩාත් පහසු වන අතර ඉන් ලබන ප්‍රීතියද වැඩි වෙයි. දේවසේවය සඳහා වැඩි කාලයක් වැය කරන විට ගෙවැසියන්ට චකිතයකින් තොරව සාක්ෂි දැරීමේ හැකියාවද වැඩි වෙයි. සංවාදයක් හොඳින් ආරම්භ කිරීමේ හා බයිබලය යොදාගැනීමේ හැකියාවද ඔබට ලැබෙයි. ඔබේ ඇදහිල්ල ගැන ඔබ වැඩි වැඩියෙන් කතා කරන විට ඇදහිල්ල තව තවත් ශක්තිමත් වෙයි. බයිබල් පාඩමක් පවත්වා නැති බොහෝදෙනෙකුට උපකාරික පුරෝගාමි සේවය කළ කාලයේදී පාඩමක් පටන්ගැනීමට හැකි වී තිබෙනවා.
4 හැම මාසයකම එක වගේ සේවය කරගෙන යනවා වෙනුවට වැඩි උද්යෝගයකින් සේවයේ හවුල් වීමේ ප්‍රස්තාවද උපකාරික පුරෝගාමි සේවය කරන විට උදා වෙනවා. කලින් ස්ථාවර පුරෝගාමි සේවය කළ සහෝදරයෙක් වැඩි කාලයක් වැය කළේ ඔහුගේ රැකියාවටයි. එක මාසයක හෝ උපකාරික පුරෝගාමි සේවය කරන්න ඔහු තීරණය කළා. මේ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “ඒ මාසයේදී මගේ ඇදහිල්ල හුඟාක් ශක්තිමත් වුණා. මම දිගටම උපකාරික පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. දැන් මම නැවත වතාවක් ස්ථාවර පුරෝගාමියෙක් හැටියට සේවය කරනවා.”
5. දක්ෂකමක් නැහැ කියා හැඟෙන සිතුවිල්ල නැති කරගත හැක්කේ කෙසේද?
5 බාධක ජය ගනිමු: හොඳින් දේශනා කිරීමේ හැකියාව තමන්ට නැහැ කියා සමහර අය සිතනවා. මෙය උපකාරික පුරෝගාමි සේවය කිරීමට බාධාවක් විය හැකියි. ඔබටත් මේ බාධාව තිබෙනවා නම් යෙරෙමියාට මෙන් ඔබටත් උපකාර කරන්න යෙහෝවා දෙවිට පුළුවන්. (යෙරෙ. 1:6-10) එමෙන්ම මෝසෙස් “කතාවට අදක්ෂ” පුද්ගලයෙක් වුණත් දෙවි තම කැමැත්ත ඉටු කිරීමට ඔහුව යොදාගත්තා. (නික්. 4:10-12) දේශනා කරන්න දක්ෂකමක් නැහැයි කියා හැඟෙනවා නම් උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න.
6. සෞඛ්‍ය ගැටලු හෝ අධික වැඩ තිබුණත් උපකාරික පුරෝගාමි සේවය කළ හැක්කේ කෙසේද?
6 සෞඛ්‍ය ගැටලු නිසා හෝ වැඩ අධික නිසා හෝ උපකාරික පුරෝගාමි සේවය සඳහා තිබෙන අයදුම් පත පුරවන්න පසුබට වෙන්න එපා. ඔබේ සෞඛ්‍ය තත්වය දුර්වල නම් ඔබට පහසු විදිහකට කාල සටහනක් සකස් කරගත්තොත් සමහරවිට එහි යෙදෙන්න ඔබටත් පුළුවන් වේවි. වැඩ අධික නිසා උපකාරික පුරෝගාමි සේවය කරන්න අමාරුයි කියා ඔබට හැඟෙනවාද? එතරම් අත්‍යවශ්‍ය නැති වැඩ වෙනත් මාසයක කරන්න සැලසුම් කරගෙන එක මාසයක්වත් එහි නියැලෙන්න ඔබට පුළුවන්ද? පූර්ණකාලීනව රැකියා කරන සමහරු දවසක් හෝ දෙකක් නිවාඩු දමා උපකාරික පුරෝගාමි සේවය කිරීමට කාලය සොයාගෙන තිබෙනවා.—කොලො. 4:5.
7. උපකාරික පුරෝගාමි සේවය ගැන යාච්ඤා කිරීම සුදුසු වන්නේ ඇයි?
7 එය කළ හැකි අයුරු: ඒ ගැන තිබෙන ඔබේ ආශාව දෙවිට පවසන්න. වැඩියෙන් සේවය කිරීමට ඔබ ගන්න උත්සාහයන්ට ආශීර්වාද කරන්න කියා දෙවිගෙන් ඉල්ලන්න. (රෝම 12:11, 12) කාලය සැලසුම් කිරීමේදී නැණවත් තීරණ ගැනීම සඳහා ඔබට උපකාර කරන්න ඔහුට පුළුවන්. (යාකො. 1:5) ඒ සඳහා එතරම් ආශාවක් ඔබට නැත්නම් දේශනා සේවයේ හවුල් වීමෙන් ප්‍රීතිය භුක්ති විඳීම සඳහා ඔබට උපකාර කරන්න කියා දෙවිට යාච්ඤා කරන්න.—ලූක් 10:1, 17.
8. හිතෝපදේශ 15:22ට එකඟව ක්‍රියා කිරීමෙන් උපකාරික පුරෝගාමි සේවය කළ හැක්කේ කෙසේද?
8 උපකාරික පුරෝගාමි සේවය කිරීමේ ඉලක්කය ගැන පවුලක් හැටියට සාකච්ඡා කරන්න. (හිතෝ. 15:22) පවුලේ අනිත් අයගේ සහයෝගය ඇතුව සමහරවිට එක් සාමාජිකයෙකුට හෝ මෙම සේවයේ යෙදෙන්න පුළුවන්. ඔබේ ආශාව ගැන අනිත් අය සමඟ, විශේෂයෙන්ම ඔබ හා සමාන තත්වයක සිටින අය සමඟ කතා කරන්න. උපකාරික පුරෝගාමි සේවය කිරීමට එය පෙලඹීමක් විය හැකියි.
9. උපකාරික පුරෝගාමි සේවය සඳහා තෝරාගත හැකි මාස මොනවාද?
9 නව සේවා වසරේදී ඔබට උපකාරික පුරෝගාමි සේවය කළ හැක්කේ කුමන මාසවලද? ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් හෝ පාසැල් යන කෙනෙක් නම් වැඩිපුර නිවාඩු තිබෙන හෝ සෙනසුරාදා හෝ ඉරිදා දවස් පහ බැගින් තිබෙන මාසවල උපකාරික පුරෝගාමි සේවය කරන්න පුළුවන් වෙයි. සැප්තැම්බර්, දෙසැම්බර්, මාර්තු හා අගෝස්තු මාසවල සෙනසුරාදා හා ඉරිදා දවස් පහ බැගින් තිබෙනවා. මැයි මාසයේ සෙනසුරාදා දවස් පහක්ද ජූනි මාසයේ ඉරිදා දවස් පහක්ද තිබෙනවා. යම් අසනීප තත්වයක් තිබෙනවා නම් ඔබේ සෞඛ්‍යයට ඔරොත්තු දෙන කාලගුණයක් පවතින මාසවල උපකාරික පුරෝගාමි සේවය කිරීම ගැන සිතා බලන්න. ඔබේ සභාවට චාරිකා අවේක්ෂක පැමිණෙන මාසයේදීත් ඔබට එය කළ හැකියි. ඔහු ස්ථාවර පුරෝගාමීන් සමඟ පවත්වන රැස්වීමේ මුල් කොටසට සහභාගි වීමේ අවස්ථාව ඔබටත් උදා වෙනවා. ලබන වසරේ සිහි කිරීම පවත්වන්නේ මාර්තු 22වනදා නිසා මාර්තු, අප්‍රියෙල් හා මැයි මාසත් තෝරාගත හැකියි. උපකාරික පුරෝගාමි සේවය කරන්න මාසයක් හෝ මාස කිහිපයක් තීරණය කරගැනීමෙන් පසු පැය අවශ්‍යතාව සපුරාලීම සඳහා කාල සටහනක් සකස් කරගැනීමට පටන්ගන්න.
10. ඔබට උපකාරික පුරෝගාමි සේවය කරන්න බැරි වුණත් කළ හැක්කේ මොනවාද?
10 ලබන සේවා වසරේදී උපකාරික පුරෝගාමි සේවය කරන්න නම් අමාරුයි කියා ඔබට හැඟෙන්න පුළුවන්. ඒ වුණත් උද්යෝගයෙන් වැඩි සේවයක් කරන්න ඔබට පුළුවන්. හැකි උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා ඔබ වෑයම් කරනවා දකින විට දෙවි හුඟාක් සතුටු වෙන බවට නිසැක වන්න. (ගලා. 6:4) උපකාරික පුරෝගාමි සේවය කළ හැකි අයට සහය වන්න. ඔවුන්ව දිරිගන්වන්න. උපකාරික පුරෝගාමීන් සමඟ සේවයේ හවුල් වීම සඳහා අමතර දවසක් වෙන් කරගැනීමට ඔබේ කාල සටහන ටිකක් වෙනස් කරගන්න ඔබට පුළුවන්ද?
11. අපි තේරුම්ගෙන සිටිය යුත්තේ කුමක්ද?
11 තමන් ජීවත් වන්නේ අන්තිම දවස්වල අවසාන භාගයේ බව යෙහෝවා දෙවිගේ සෙනඟ තේරුම්ගෙන තිබෙනවා. මේ කාලයේ කළ යුතු වැදගත්ම කාර්යය නම් ශුභාරංචිය දේශනා කිරීමයි. මිනිසුන්ගේ ජීවිත තිබෙන්නේ අනතුරේ. ඉතිරි වී තිබෙන්නේ ටික කාලයයි. (1 කොරි. 7:29-31) දේවසේවය තුළ අපිට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අපව පොලඹවන්නේ දෙවිටත් මිනිසුන්ටත් තිබෙන ප්‍රේමයයි. අවංක වෑයමක් දැරීමෙන් හා හොඳින් සැලසුම් කිරීමෙන් නව සේවා වසරේදී අඩුම තරමින් එක මාසයකවත් උපකාරික පුරෝගාමි සේවය කිරීමේ හැකියාව අපිට තිබෙන්න පුළුවන්. ඇත්තෙන්ම මෙය වටිනා ඉලක්කයක් නෙමෙයිද!