යෙහෝවා දෙවිව වැඩියෙන් වර්ණනා කරමු
1. දෙවිව “වර්ණනා” කරන්න අවස්ථාව ලබා දෙන අලුත් සැලැස්ම මොකක්ද?
1 පහුගිය මාර්තු මාසයේ ඉඳලා අලුත් සැලැස්මක් ක්රියාත්මක වුණා. ඒ, මාර්තු සහ අප්රියෙල් මාසවලත් චාරිකා සේවක පැමිණෙන මාසවලත් පැය 30ක් වුණත් වාර්තා කරලා සහායක පුරෝගාමි සේවයේ යෙදීමේ අවස්ථාවයි. චාරිකා සතිය මාස දෙකක් අතර එනම් මාසයේ අග සිට ඊළඟ මාසයේ මුල දක්වා යෙදෙනවා නම් ඉන් කැමති මාසයක සහායක පුරෝගාමියෙක් ලෙස පැය 30ක් වාර්තා කරන්න පුළුවන්. චාරිකා සේවක, ස්ථාවර සහ විශේෂ පුරෝගාමීන් එක්ක පවත්වන මුළු රැස්වීමටම හවුල් වෙන්නත් ඒ අයට හැකියි. පැය 50ක් වාර්තා කරන්න අමාරු නම් මේ සැලැස්ම නිසා පැය 30ක් වාර්තා කරලා අවුරුද්දකට හතර පාරක්ම පුරෝගාමියෙක් විදිහට යෙහෝවා දෙවිව “වර්ණනා” කරන්න අපිට පුළුවන්.—ගීතා. 109:30; 119:171.
2. චාරිකා සේවක පැමිණෙන මාසයේදී සහායක පුරෝගාමීන් ලබන ප්රයෝජන මොනවද?
2 චාරිකා සේවක පැමිණෙන මාසයේදී: ඒ මාසයේදී සහායක පුරෝගාමි සේවය කරන්න දැන් හුඟක් අයට අවස්ථාව ලැබෙන නිසා චාරිකා සේවක එක්ක සේවය කරලා දිරිගැන්වීමක් ලබන්න පුළුවන් වෙනවා. (රෝම 1:11, 12) රැකියා කරන සහායක පුරෝගාමීන්ට ඒ සතියේදී නිවාඩුවක් දාන්නත් පුළුවන්. එහෙම කරන්න බැරි අයට සෙනසුරාදා හෝ ඉරිදා චාරිකා සේවක එක්ක වැඩ කරන්න කතා කරගන්න පුළුවන්. මුළු පුරෝගාමි රැස්වීමටම හවුල් වෙන්න ලැබීම ඒ අයට මොන තරම් දිරිගැන්වීමක් වෙයිද! අනිත් අයටත් පුළුවන් සතියේ දවසකත් නිවාඩුවක් දාලා සේවයේ හවුල් වෙන්න හිතලා බලන්න.
3. සිහි කිරීමේ කාලය සහායක පුරෝගාමි සේවය කරන්න කදිම මාසයක් වෙන්නේ ඇයි?
3 මාර්තු සහ අප්රියෙල් මාසවලදී: සිහි කිරීමේ කාලයේදී පැය තිහේ සැලැස්ම නිසා කලින් මාසයක් සහායක පුරෝගාමි සේවයේ යෙදුණු අයට දැන් මාස දෙකක්ම එහෙම කරලා දෙවිට ප්රශංසා කරන්න අවස්ථාව ලැබෙනවා. (හෙබ්රෙ. 13:15) සහායක පුරෝගාමි සේවය කිරීමෙන් අපේ සේවය වැඩි කරගන්න මාර්තු සහ අප්රියෙල් මාස කදිම මාස දෙකක්. හැම අවුරුද්දකම මේ කාලයේදී අනිත් අයට සිහි කිරීමට ආරාධනා කරන්න ලැබෙන එකත් සතුටට හේතුවක්. ඒ වගේම මේ කාලයේදී හුඟක් ප්රචාරකයන් වැඩිපුර සේවය කරන නිසා විවිධ අය එක්ක සේවයේ හවුල් වෙන්නත් අපිට පුළුවන්. සිහි කිරීමට පැමිණි අයව නැවත හමු වෙලා විශේෂ බයිබල් දේශනයට එන්න උනන්දු කරන්නත් අපිට හැකියි. සහායක පුරෝගාමි සේවය කරන්න ලැබෙන මේ ප්රස්තාවෙන් ප්රයෝජන ගන්න ඔබත් කැමති නැද්ද?—ලූක් 6:45.