ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 ජූනි 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2017-2018 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • මුල් ක්‍රිස්තියානීහු හා මෝසෙස්ගේ නීතිය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තුස්වහන්සේට පෙර ව්‍යවස්ථාව
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 ජූනි 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“මා නීතිය සම්බන්ධයෙන් මිය ගොස් එයින් නිදහස්” වුණා කියලා පාවුල් කියපු දෙයින් එයා අදහස් කළේ මොකක්ද?—ගලා. 2:19.

පාවුල්.

පාවුල් කිව්වා “මා නීතිය සම්බන්ධයෙන් මිය ගොස් එයින් නිදහස් වන නිසා දෙවි වෙනුවෙන් ජීවත්ව සිටීමට දැන් මට පුළුවන්” කියලා.—ගලා. 2:19.

ගලාතියේ සභාවල හිටපු සහෝදරයන්ට හරිම වැදගත් කාරණයක් පැහැදිලි කරමින් ඉද්දී තමයි පාවුල් ඒ දේ කිව්වේ. ඒ වෙද්දී බොරු ගුරුවරු ක්‍රිස්තියානි සභාවට රිංගලා බොරු දේවල් ප්‍රචාරය කරමින් හිටියා. උදාහරණෙකට එයාලා කිව්වා කෙනෙක් ගැලවීම ලබන්න නම් මෝසෙස්ගේ නීතියට, විශේෂයෙන්ම චර්මච්ඡේදනය ගැන දීලා තිබුණු නීතියට කීකරු වෙන්නම ඕනෙ කියලා. හැබැයි පාවුල් හොඳින්ම දැනගෙන හිටියා ක්‍රිස්තියානීන් තවදුරටත් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියට කීකරු වෙන්න ඕනෙ නැහැ කියලා. ඒ නිසා ඒ ඉගැන්වීම බොරුවක් කියලා පාවුල් පැහැදිලිව තර්කානුකූලව ඔප්පු කරලා පෙන්නුවා. ඒ වගේම යේසුස්ගේ ජීවිත පූජාව ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න එයා සහෝදරයන්ට උදව් කළා.—ගලා. 2:4; 5:2.

“මා නීතිය සම්බන්ධයෙන් මිය ගොස් එයින් නිදහස්” වුණා කියලා පාවුල් කියපු එකෙන් එයා අදහස් කළේ මොකක්ද? එයා ඇත්තටම ඒකෙන් අදහස් කළේ එයා තවදුරටත් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියට කීකරු වෙන්න බැඳිලා නැහැ කියන එකයි. ඒක තේරුම්ගන්න ටිකකට හිතන්න මැරුණ කෙනෙක්ගේ තත්වය ගැන. බයිබලේ පැහැදිලිව කියනවා කෙනෙක් මැරුණාට පස්සේ එයාගේ කල්පනාව නැති වෙනවා, අවට වෙන කිසිම දෙයක් එයාට බලපාන්නේ නැහැ කියලා. (දේශ. 9:5) මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය ගැන පාවුල්ට හැඟුණේ ඒ විදිහටමයි. යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තිබ්බොත් “දෙවි වෙනුවෙන් ජීවත්” වෙන්න පුළුවන් කියන එක ගැන පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ.

නීතියෙන් නිදහස් වෙලා දෙවියන් වෙනුවෙන් ජීවත් වෙන්න පාවුල්ට පුළුවන් වුණේ කොහොමද? ඒක එයාට කරන්න පුළුවන් වුණේ මෝසෙස්ගේ “නීතිය” නිසාමයි. ඒ කොහොමද? පාවුල් කිව්වා ‘ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන් මිස නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්ද පමණින් කිසි මිනිසෙකු ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරනු ලබන්නේ නැහැ’ කියලා. (ගලා. 2:16) හැබැයි මෝසෙස්ගේ නීතියෙන් වැදගත් කාර්යයක් සිද්ධ වෙනවා කියලා පාවුල්ම ගලාතිවරුන්ට මෙහෙම කිව්වා. “පොරොන්දුවට අමතරව එය දෙන ලද්දේ පොරොන්දු වී තිබූ තැනැත්තා පැමිණෙන තුරු වැරදි දේවල් මොනවාද කියා පැහැදිලිව පෙන්වා දීමටය.” (ගලා. 3:19) පව්කාරකම උරුම කරගත්ත මිනිසුන්ට කවදාවත් මෝසෙස්ගේ නීතිය සීයට සීයක්ම පිළිපදින්න බැහැ කියලත් එයාලා වෙනුවෙන් පරිපූර්ණ ජීවිත පූජාවක් අවශ්‍ය වුණා කියලත් ‘පොරොන්දු වුණ තැනැත්තා’ යේසුස් ක්‍රිස්තුස් කියලා හඳුනගන්නත් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය එයාලට උදව් වුණා. යේසුස්ගේ ජීවිත පූජාව විශ්වාස කරන අයව දෙවියන් සලකන්නේ ධර්මිෂ්ඨ අය විදිහටයි. (ගලා. 3:24) ඉතින් පාවුල් යේසුස්ගේ ජීවිත පූජාව පිළි අරන් ඒක විශ්වාස කරපු නිසා “නීතිය සම්බන්ධයෙන් මිය ගොස් එයින් නිදහස්” වෙලා “දෙවි වෙනුවෙන් ජීවත්” වෙන්න එයාට පුළුවන් වුණා.

පාවුල් රෝමවරුන්ට ලියපු ලිපියෙත් ඒ වගේම දෙයක් සඳහන් කළා. ‘මාගේ සහෝදරයෙනි, ඔබ කලින් බැඳී සිටියේ නීතියටය. නමුත් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව නිසා ඒ බැඳීමෙන් ඔබ නිදහස් වී ඇත. අප බැඳී සිටි ඒ නීතියෙන් අපව නිදහස් කර ඇති නිසා ඒ නීතිය මිය ගියා හා සමානය. දැන් අප නිදහස්ය.’ (රෝම 7:4, 6) ඒ පදවලත් ගලාති 2:19ත් පාවුල් කතා කළේ නීතිය කඩ කරපු නිසා පව්කාරයෙක් විදිහට මිය යන එක ගැන නෙවෙයි. ඒ වෙනුවට එයා පැහැදිලි කළේ එයායි, යේසුස්ගේ ජීවිත පූජාව විශ්වාස කරන හැමෝමයි මෝසෙස්ගේ නීතියෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා තියෙනවා කියන එකයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න