ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 ජූලි 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • “මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සත්‍යය පිළිගන්න පමා වුණත් බලා සිටින්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්වහන්සේ ඔබේ පවුලේ පළමු තැනට පැමිණේද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔවුන්ට ළං වන්න ඔබටත් හැකිද?
    2010 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 ජූලි 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“මා මෙලොවට සාමය දෙන්න පැමිණියා කියා නොසිතන්න” කියලා යේසුස් කියපු දෙයින් අදහස් කළේ මොකක්ද?

යේසුස් මේ පොළොවට ආවේ සාමයේ පණිවිඩයක් අරගෙන. ඔහු කැමති වුණේ හැමෝම සමාදානෙන් ඉන්නවා දකින්නයි. ඒත් එක අවස්ථාවක ඔහු ගෝලයන්ට මෙහෙම කිව්වා. “මා මෙලොවට සාමය දෙන්න පැමිණියා කියා නොසිතන්න. මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි. මා ආවේ මිනිසෙකු තම පියා සමඟද දුව ඇගේ මව සමඟද අලුතෙන් විවාහ වූ ස්ත්‍රිය ඇගේ නැන්දම්මා සමඟද භේද කරවීමටයි.” (මතෙ. 10:34, 35) යේසුස් ඇයි ඒ වගේ දෙයක් කිව්වේ?

යේසුස් කැමති වුණේ නැහැ පවුලේ අය අතර භේද ඇති වෙනවාට. ඒත් ඔහුගේ ඉගැන්වීම් නිසා සමහරවිට එහෙම වෙයි කියලා ඔහු දැනගෙන හිටියා. ඒ නිසා බව්තීස්ම වෙලා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැමෝම තේරුම් අරගෙන ඉන්න ඕනෙ එයාලට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියලා. සමහර වෙලාවට කෙනෙක් ඒ තීරණය ගත්තාට පස්සේ සත්‍යයේ නැති සැමියා, බිරිඳ නැත්නම් පවුලේ අනිත් අය ගොඩක් විරුද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට යේසුස් කියපු දේවල් පිළිපදින එක හුඟක් අමාරු වෙයි.

බයිබලේ අපිට දිරිගන්වන්නේ “මිනිසුන් සමඟ සමාදානයෙන් ඉන්න” කියලා. (රෝම 12:18) හැබැයි යේසුස් කිව්වා සමහර වෙලාවට ඔහුගේ ඉගැන්වීම් “කඩුවක්” වගේ වෙන්න පුළුවන් කියලා. මොකද ඒ ඉගැන්වීම් නිසා ගෙදර සාමය නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට පවුලේ කෙනෙක් යේසුස්ගේ ඉගැන්වීම් පිළිගද්දී පවුලේ අනිත් අය එයාට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට සත්‍යය ඉගෙනගන්න කෙනාගේ “සතුරන්” වෙන්නේ එයාගේම පවුලේ අය.—මතෙ. 10:36.

අම්මා යන්න එපා කියලා බැගෑපත් වෙලා ඉල්ලද්දී දුව හරිම නිර්භීතව එතනින් යනවා. දුවගේ අතේ “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොතක් තියෙනවා.

එහෙම වුණාම කෙනෙක්ට ඔප්පු කරන්න වෙනවා එයා වැඩියෙන්ම ආදරේ පවුලේ අයටද නැත්නම් යෙහෝවා දෙවියන්ට සහ යේසුස්ටද කියලා. උදාහරණෙකට පවුලේ අය, නෑදෑයෝ ආගමික උත්සවයකට හවුල් වෙන්න බල කරනවා කියලා හිතන්න. ඒ වගේ වෙලාවට සත්‍යයේ ඉන්න කෙනාට තීරණය කරන්න වෙනවා එයා සතුටු කරන්නේ කාවද කියලා. යේසුස් කිව්වා “මට වඩා පියාටවත් මවටවත් ආදරය කරන තැනැත්තා මට සුදුසු කෙනෙක් නෙවෙයි” කියලා. (මතෙ. 10:37) යේසුස් කිව්වේ ඔහුගේ ගෝලයෙක් වෙන්න නම් කෙනෙක් තමන්ගේ දෙමාපියන්ට ආදරේ කරන එක නවත්තන්න ඕනෙ කියලා නෙවෙයි. ඔහු අදහස් කළේ එයාගේ ජීවිතේ වැඩියෙන්ම වටින්නේ කාවද කියලා එයාට තීරණයක් ගන්න වෙනවා කියලයි. දෙවියන්ට සේවේ කරන නිසා පවුලේ අය අපිට විරුද්ධ වුණත් අපි එයාලට ආදරේ කරන එක අඩු කරන්නේ නැහැ. ඒත් අපේ ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ යෙහෝවාටයි කියන දේත් අපි අමතක කරන්නේ නැහැ.

පවුලේ අය අපිට ගොඩක් කිට්ටු නිසා එයාලා විරුද්ධ වෙද්දී ඒක දරාගන්න ගොඩක් අමාරුයි. ඒත් යේසුස් කියපු මේ දේත් අපි හිතට ගන්න ඕනේ. “තම වධකණුව භාරගෙන මා අනුව නොඑන තැනැත්තා මට සුදුසු කෙනෙක් නොවෙයි.” (මතෙ. 10:38) යේසුස් කලින්ම කියලා තිබුණා ඔහුගේ අනුගාමිකයන්ට ගොඩක් පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒ පීඩාවලට පවුලෙන් එන පීඩාත් ඇතුළත්. හැබැයි ඒ මොන දේ වුණත් පවුලේ අයට පෙන්නන ආදරේ, සැලකිල්ල අපි පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ. කවදා හරි දවසක අපේ හොඳ හැසිරීම නිසා පවුලේ අයත් සත්‍යය පිළි අරන් දෙවියන්ට ළං වෙයි කියලා අපි ආසාවෙන් බලන් ඉන්නවා.—1 පේතෘ. 3:1, 2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න