ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp23 අංක 1 12-13 පි.
  • 4 | බයිබලයේ ප්‍රායෝගික යෝජනා අදාළ කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 4 | බයිබලයේ ප්‍රායෝගික යෝජනා අදාළ කරගන්න
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒක කරන්නේ කොහොමද?
  • ඒක උදව් වෙන්නේ කොහොමද?
  • මේ යෝජනා හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා
  • එකපාරටම අසනීප වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද?
    තවත් ලිපි
  • ලොවම වෙළාගත් මානසික රෝග
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • මානසික ගැටලු ගැන ඔබ දන්නවාද?
    2014 පිබිදෙව්!
  • 3 | බයිබල් ආදර්ශවලින් සහනයක් ලබාගන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp23 අංක 1 12-13 පි.
සතුටින් බයිසිකලේ පදින කාන්තාවක්.

4 බයිබලයේ ප්‍රායෝගික යෝජනා අදාළ කරගන්න

බයිබලයේ කියනවා . . . ‘මුළු ශුද්ධ ලියවිල්ලම ප්‍රයෝජනවත්ය.’ —2 තිමෝති 3:16.

ඒක කරන්නේ කොහොමද?

බයිබලය වෛද්‍ය උපදෙස් දෙන පොතක් නෙවෙයි. ඒත් මනසේ සුවය අද්දකින්න උදව් වෙන ගොඩක් යෝජනා බයිබලේ තියෙනවා. මේ ඒවායින් සමහරක්.

ඒක උදව් වෙන්නේ කොහොමද?

“රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.”​—මතෙව් 9:12.

සමහර අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර ගන්න එක හොඳයි කියලා බයිබලේ සඳහන් ඒ වගන්තියෙන් පේනවා. ඒ නිසා ඔයාගේ අසනීපය ගැන විශ්වාසවන්ත තැන්වලින් දැනගන්න එක නැත්නම් කෙලින්ම දොස්තර කෙනෙක්ව හම්බ වෙලා කතා කරන එක ගැන හිතලා බලන්න.

“පුහුණු වීම් කටයුතුවල” ප්‍රයෝජන තියෙනවා.​—1 තිමෝති 4:8.

ශරීර සෞඛ්‍ය හොඳින් තියාගන්නවා නම් ඒක මනසේ නිරෝගීකමටත් උදව් වෙනවා. පුරුද්දක් විදිහට ව්‍යායාම් කරන එක, පෝෂ්‍යදායී ආහාර ගන්න එක සහ හොඳ නින්දක් ගන්න එක ඒකට ඇතුළත්.

“ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.”​—හිතෝපදේශ 17:22.

බයිබලෙන් දිරිගැන්වෙන වගන්ති කියවන එක, පොඩි පොඩි ඉලක්ක තියලා ඒවා අත් කරගන්න එක හිතේ හිනාව රැකගන්න උදව් වෙනවා. ඒ වගේම හෙට දවස ගැන හොඳ සිතුවිලිවලින් මනස පුරවගන්න එක අද දවස දීප්තිමත් කරගෙන මනසේ සුවය අද්දකින්න ඔයාට උදව් වෙයි.

“නිහතමානී අය ප්‍රඥාවන්තය.”​—හිතෝපදේශ 11:2.

අසනීප තත්වය නිසා හිතත් එක්ක කරන සටන ඔයාට තනියම කරන්න බැහැ. ඒ නිසා පවුලේ අයගෙන් යාළුවන්ගෙන් උදව් ගන්න. ඔයාට උදව් ඕනෙ මොන වගේ පැතිවලින්ද කියලා නිශ්චිතව එයාලට කියන්නත් අමතක කරන්න එපා. එහෙම කරද්දී සාධාරණ වෙන්න. ඒ වගේම ලැබෙන උදව් අගය කරන්න.

මේ යෝජනා හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා

“මං හිතන විදිහේ, හැසිරෙන විදිහේ ලොකු අමුත්තක් මට තේරුණා. ඒ නිසා මං ඉක්මනට ඩොක්ට කෙනෙක් ළඟට ගියා. එයා මගේ අසනීපේ අඳුරගෙන ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන මට කිව්වා.”​—බයිපෝල අක්‍රමිකතාවකින් පෙළෙන නිකෝල්.a

ඩොක්ට කෙනෙක් එක්ක කතා කරන කාන්තාවක්.

“හිත වට්ටන සිතුවිලි මනසට රිංගන්න කලින් මං උදේම වයිෆ් එක්ක බයිබලය කියවනවා. දවස ගෙවීගෙන යද්දී මට අමාරුම වෙන වෙලාවලට ඒ කියවපු දේවල් මට මතක් වෙනවා.”—විෂාදයෙන් පෙළෙන පීට.

“මගේ අසනීපේ ගැන කියන්න මට ලොකු ලැජ්ජාවක් දැනුණා. හැබැයි මගේ යාළුවෙක් මාව හොඳට තේරුම්ගත්තා. එයා මට උදව් කෙරුවා. මං තනි වෙලා කියලා එදායින් පස්සේ මට දැනුණේ නැහැ.”—ආහාර අක්‍රමිකතාවකින් පෙළෙන ජීයූ.

“වැඩ කරන එක වගේම හොද විවේකයක් ගන්න එකත් ගොඩක් වැදගත් කියලා බයිබලෙන් මං ඉගෙනගත්තා. මගේ මනසට වධයක් වෙලා තිබුණ සිතුවිලිවලින් නිදහස් වෙන්න ඒක මට උදව් වුණා.”—ග්‍රස්ථියෙන් (OCD) පෙළෙන තිමති.

a සමහර නම් වෙනස් කර ඇත.

“දුක සතුටට පෙරළගමු” කියන කාටුන් චිත්‍ර ඇතුළත් වීඩියෝ එක.
තව දැනගන්න

jw.org වෙබ් අඩවියේ තියෙන “දුක සතුටට පෙරළගමු” කියන කාටුන් චිත්‍ර ඇතුළත් වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න