ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ඔක්තෝබර් 30 පි.
  • ඔයා දැනගෙන හිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා දැනගෙන හිටියාද?
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • සංගීතයට ඇලුම් කළ රජෙක්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙසවන් පිනවන මියුරු සංගීතය
    2008 පිබිදෙව්!
  • දෙවි ප්‍රිය කරන සංගීතය
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මං තෝරගන්න සංගීතය ගැන හිතලා බලන එක වැදගත්ද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ඔක්තෝබර් 30 පි.
ඊශ්‍රායෙල්වරු හොරණෑ පිඹිමින්, වීණා වාදනය කරමින් යෙහෝවාට ප්‍රශංසා ගීතිකා කියනවා.

ඔයා දැනගෙන හිටියාද?

ඊශ්‍රායෙල්වරු සංගීතයට වැදගත් තැනක් දුන්නා කියලා අපි දන්නේ කොහොමද?

ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවිතවල සංගීතයට වැදගත් තැනක් හිමි වුණා. එයාලා ගීත ගායනා කළා කියලත් සංගීත භාණ්ඩ වාදනය කළා කියලත් බයිබලේ පෙන්නනවා. බයිබලේ වැඩි කොටසකම තියෙන්නේ ගීතිකා. උදාහරණෙකට ගීතාවලිය, සලමොන්ගේ ගීතිකාව සහ ලෙවී කතාව පොත් ලියලා තියෙන්නේ ගීතිකා විදිහට. එක පොතක මෙහෙම කියනවා. “ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවිත සංගීතයත් එක්ක බැඳිලා තියෙනවා කියලා බයිබලේ තියෙන දේවලින් පේනවා.”—Music in Biblical Life.

එදිනෙදා ජීවිතේදී. ඊශ්‍රායෙල්වරු ගීත ගායනා කරලා, සංගීත භාණ්ඩ වාදනය කරලා එයාලාගේ හැඟීම් ප්‍රකාශ කළා. (යෙසා. 30:29) අලුතින් රජ කෙනෙක්ව පත් කරද්දී, යුද්ධයක් ජය ගද්දී, උත්සව සමරද්දී ඊශ්‍රායෙල් ස්ත්‍රීන් රබන් ගහලා, සතුටින් සින්දු කියලා නැටුවා. (විනි. 11:34; 1 සාමු. 18:6, 7; 1 රාජා. 1:39, 40) ඊශ්‍රායෙල්වරු කෙනෙක් මැරුණාම එයාලාගේ දුක ප්‍රකාශ කරන්නත් ගීත ගායනා කළා. (2 ලේක. 35:25) එක පොතක කියනවා “හෙබ්‍රෙව් සෙනඟ සංගීතයට ගොඩක් ආදරේ කරපු අය” කියලා.—McClintock and Strong’s Cyclopedia.

ඊශ්‍රායෙල් රජවරුන් අතර. ඊශ්‍රායෙල් රජවරුත් සංගීතයට ඇහුම්කන් දීලා ලොකු සතුටක් ලැබුවා. සැරයක් වීණා වාදනය කරන්න සාවුල් රජ දාවිත්ව එයාගේ මාලිගාවට ගෙන්නගත්තා. (1 සාමු. 16:18, 23) පස්සේ දාවිත් රජ වුණාම සංගීත භාණ්ඩ හැදෙව්වා, ලස්සන ගීත නිර්මාණය කළා. දේවමාලිගාවේ ගීත ගායනා කරන්න, සංගීතය වාදනය කරන්න කණ්ඩායම් සංවිධානය කළා. (2 ලේක. 7:6; ආමො. 6:5) සලමොන් රජගේ කාලෙත් එයාගේ මාලිගාවේ ගායක ගායිකාවන් හිටියා.—දේශ. 2:8.

නමස්කාරේදී. ඒ හැම දේටම වඩා වැදගත් දේ තමයි ඊශ්‍රායෙල්වරු යෙහෝවාට නමස්කාර කරද්දී සංගීතය පාවිච්චි කරපු එක. යෙරුසලමේ දේවමාලිගාවේ සංගීතඥයන් 4,000ක් හිටියා. (1 ලේක. 23:5) එයාලා අත්තාළම්, වීණා, කුඩා වීණා, හොරණෑ වාදනය කළා. (2 ලේක. 5:12) හැබැයි නමස්කාරේදී සංගීතය පාවිච්චි කළේ ඒ වගේ ජේෂ්ඨයන් විතරක් නෙවෙයි. ඊශ්‍රායෙල්වරු උත්සව සමරන්න හැම අවුරුද්දකම යෙරුසලමට එද්දී හුඟදෙනෙක් ගීත ගායනා කළා කියලා බයිබලේ කියනවා. ඒ ගීත හැඳින්නුවේ කන්ද නඟිද්දී ගයන ගීතිකා කියලයි. (ගීතා. 120–134) යුදෙව් ලේඛකයන් කියන විදිහට ඊශ්‍රායෙල්වරු පාස්කු භෝජනය ගද්දී දෙවියන්ට ප්‍රශංසා කරන්න ගීතිකාa ගායනා කළා.

අදත් දෙවියන්ගේ සෙනඟ අතරේ සංගීතයට විශේෂ තැනක් තියෙනවා. (යාකො. 5:13) අපි දෙවියන්ට ප්‍රශංසා කරන්න ගීතිකා ගායනා කරනවා. (එෆී. 5:19) සංගීතය නිසා අපි අතර තියෙන බැඳීම් ශක්තිමත් වෙනවා. (කොලො. 3:16) අමාරු දේවලට මූණ දෙද්දී සංගීතයට පුළුවන් අපිව ශක්තිමත් කරන්න. (ක්‍රියා 16:25) යෙහෝවා ගැන තියෙන විශ්වාසේ, ආදරේ පෙන්නන්න සංගීතය කියන්නේ හරි අපූරු ක්‍රමයක්.

a ඊශ්‍රායෙල්වරු යෙහෝවාට ප්‍රශංසා කරන්න ගීතාවලිය 113–118ට ගායනා කළා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න