අධ්‍යයනයට යෝජනාවක්!
යොමු දැක්වීම්වලින් ප්‍රයෝජන ගන්න
‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ තියෙන යොමු දැක්වීම්වලින් එකම විෂය ගැන තව තොරතුරු හොයාගන්න පුළුවන් බයිබල් පද පෙන්නනවා. ඒක උදව් වෙනවා බයිබලේ එක තැනක තියෙන දෙයක් තවත් තැන්වල තියෙන දේවල් එක්ක සම්බන්ධ වෙන විදිහ තේරුම්ගන්න. ඒත් යොමු දැක්වීමක් හොයාගන්නේ කොහොමද? ඒකට බයිබල් පදයක වචනයක් ළඟ තියෙන ඉලක්කම බලන්න. ඔයා හොයන්නේ මුද්‍රිත බයිබලෙන් නම් පිටුවේ පැත්තෙන් තියෙන තීරුවේ ඒ අදාළ ඉලක්කම හොයන්න. යොමු දක්වලා තියෙන බයිබල් පද එතන තියෙනවා. ඔයා හොයන්නේ jw.org එකෙන් නැත්නම් ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් නම් වචනයක් ළඟ තියෙන අංකය ක්ලික් කළාම බයිබල් පද එයි.
යොමු දැක්වීම්වලින් මේ වගේ හුඟක් දේවල් ඔයාට හොයාගන්න පුළුවන්.
සමාන වාර්තා. එකම සිද්ධිය බයිබලේ තවත් පොතක වාර්තා වෙලා තියෙන තැනට යොමු දැක්වීම ඔයාව අරන් යනවා. උදාහරණෙකට 2 සාමුවෙල් 24:1 සහ 1 ලේකම් 21:1 බලන්න.
උපුටාගැනීම්. වාක්‍යයක් නැත්නම් යෙදුමක් බයිබලේ මුලින්ම සඳහන් වුණේ කොහෙද කියලා යොමු දැක්වීමෙන් පෙන්නනවා. උදාහරණෙකට මතෙව් 4:4 සහ ද්විතීය කතාව 8:3 බලන්න.
ඉටු වුණ අනාවැකි. යොමු දැක්වීමෙන් අනාවැකියක් ඒකේ ඉටු වීමත් එක්ක සම්බන්ධ කරනවා. උදාහරණෙකට මතෙව් 21:5 සහ සෙකරියා 9:9 බලන්න.