ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 108 ලිපිය
  • ඔයාටත් ඕනෙ ඔන්ලයින් තරුවක් වෙන්නද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාටත් ඕනෙ ඔන්ලයින් තරුවක් වෙන්නද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අනතුරු මොනවාද?
  • “රැවටිල්ලක් විතරයි”
  • ෆලෝවර්ස්ලා, ලයික් එච්චරම වැදගත්ද?
  • ඔන්ලයින් මිතුරුකම් කමක් නැද්ද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • අන් අය අතර කැපීපෙනීම වැරදිද?
    2012 පිබිදෙව්!
  • අන්තර්ජාලයෙන් මගේ දරුවාටත් හානියක් වෙයිද?
    2014 පිබිදෙව්!
  • අන්තර්ජාලය හරහා මිතුරුකම් පැවැත්වීම භයානකද?​—2වෙනි කොටස
    2011 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 108 ලිපිය
ෆෝන් එක දිහා බලන් ඉන්න යෞවනියක් එයාට ලයික් 85ක් ලැබුණ එක ගැන සතුටු වෙනවා.

යොවුන් සිතේ ගැටලු

ඔයාටත් ඕනෙ ඔන්ලයින් තරුවක් වෙන්නද?

යෞවනියක් වන ඉලේන් මෙහෙම කියනවා. “මගේ ඉස්කෝලේ යාළුවන්ට ෆලෝවර්ස්ලා සිය ගාණක් ඉන්නවා. මට හිතුණා ‘ෂා, නියමයිනේ! එයාලා කොච්චර ප්‍රසිද්ධද’ කියලා. ඇත්තම කිව්වොත් මට පොඩි ඊර්ෂ්‍යාවකුත් දැනුණා.”

ඔයාටත් කවදා හරි එහෙම හිතිලා තියෙනවාද? එහෙමනම් ඔන්ලයින් තරුවක් වෙන උගුලට වැටෙන්නේ නැතුව ඉන්න ඔයාට මේ ලිපිය උදව් වෙයි.

  • අනතුරු මොනවාද?

  • “රැවටිල්ලක් විතරයි”

  • ෆලෝවර්ස්ලා, ලයික් එච්චරම වැදගත්ද?

  • බොරු නිහතමානිකමක් පෙන්නලා පම්පෝරි ගහන්න එපා!

අනතුරු මොනවාද?

හිතෝපදේශ 22:1 මෙහෙම කියනවා. “වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි” කියලා. ඒ කියන්නේ අනිත් අයගේ හිත දිනාගන්න, හොඳ නමක් ඇති කරගන්න ආස වෙන එක වැරදි නැහැ.

හැබැයි පරෙස්සම් වුණේ නැත්නම් ඒ ආසාව දුරදිග ගිහිල්ලා ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඔයාගේ හිතේ ලොකු කෑදරකමක් ඇති වෙන්න පුළුවන්. ඒක ඔයාට අනතුරක් වෙන්නේ කොහොමද? අවුරුදු 16ක් වයස ආන්යා කියන දේ බලන්න:

“අපේ ඉස්කෝලේ සමහර ළමයි ප්‍රසිද්ධ වෙන්න, අනිත් අයගේ අවධානය ඇදගන්න මහා පිස්සු දේවල් කරන්නේ. සමහරු ඉස්කෝලේ බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවෙනුත් පනිනවා.”

සමහරු එයාලා කරන මෝඩ දේවල් වීඩියෝ කරලා ඒවා ඔන්ලයින් දානවා. උදාහරණෙකට හුඟක් යෞවනයෝ එයාලා වැඩ්ඩෝ කියලා පෙන්නන්න රෙදි හෝදන දියර තියෙන පුංචි පැකට් කාලා පෙන්නනවා. ප්‍රසිද්ධ වෙන්න ඒ වගේ විස දේවල් වුණත් කන්න එයාලා ලෑස්තියි.

බයිබලයේ මෙහෙම කියනවා: “අනිත් අයගේ අවධානය ඇදගන්න අදහසින් කිසි තේරුමක් නැති දේවල් කරන්න එපා.”—ෆිලිප්පි 2:3, Good News Translation.

හිතන්න දෙයක්:

  • ඔන්ලයින් තරුවක් වෙන එක ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?

  • ඔයාට ඕනෙ ජීවිතේ අනතුරේ දාන වැඩක් කරලා හරි අනිත් අය ඉස්සරහා කැපිලා පේන්නද?

    ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

    ලියානා.

    “සමහරු හිතනවා ‘මේ විදිහට කතා කළොත්, මේ විදිහට ඇන්දොත්, මේ විදිහට වැඩ කළොත් අනිත් අය මාව මහ ඉහළින් සලකයි’ කියලා. එයාලා ඒ වෙනුවෙන් ඕන දෙයක් කරනවා. සමහරවිට දැන දැන වැරදි දෙයක් වුණත් කරනවා. ඒක හරිම භයානකයි. එයා සුපිරි තරුවක් නං වෙයි. හැබැයි කරපු දේවල්වල ප්‍රතිඵල ලැබෙද්දී සුපිරියටම තරු පෙනෙයි.”—ලියානා.

“රැවටිල්ලක් විතරයි”

සමහර අය ප්‍රසිද්ධ වෙන්න හදන්නේ ජීවිතේ අනතුරේ දාන දේවල් කරලාම නෙවෙයි. බලන්න අවුරුදු 22ක් වයස එරිකා ඒ ගැන කියන දේ:

“සමහරු පෝස්ට් කරන්නේ එයාලා ජොලියේ හිටපු වෙලාවලදී ගත්ත ෆොටෝ විතරයි. යාළුවෝ එක්ක ගත්ත ඒ වගේ ෆොටෝ එයාලා එක පිට එක දානවා. ඉතින් ඒවා බලන කෙනෙක්ට හිතෙන්නේ එයාට සෑහෙන්න යාළුවෝ ඉන්නවා, එයා හැම තිස්සේම ඉන්නේ ෆුල් ජොලියේ කියලා. ඒත් ඒක රැවටිල්ලක් විතරයි.”

සමහරු බොරු තොරතුරු දාලා එයාලා අනිත් අය අතරේ ප්‍රසිද්ධයි කියලා මවාපාන්න හදනවා. ඒ ගැන අවුරුදු 15ක් වයස කේරා කියන දේ බලන්න:

“සමහරු පාටියකට වගේ ඇඳගෙන ලස්සනට ෆොටෝ අරන් දානවා. හැබැයි බලද්දී එයා ඉන්නේ ගෙදර තට්ට තනියම.”

අවුරුදු 22ක් වයස මැතිව් කළෙත් ඒ වගේ දෙයක්. බලන්න එයා කියන දේ:

“දවසක් මං ෆොටෝ එකක් අරන් මං ඉන්නේ එවරස්ට් කන්දේ කියලා දැම්මා. ඇත්තම කිව්වොත් එවරස්ට් කන්දට තියා මං ආසියාවටවත් අඩිය තියලා නෑ.”

බයිබලයේ මෙහෙම කියනවා: “අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.”—හෙබ්‍රෙව් 13:18.

හිතන්න දෙයක්:

  • ඔයා ඔන්ලයින් තරුවක් වෙන්න හදන්නේ අනිත් අයව රවට්ටලාද?

  • ඔයා දාන ෆොටෝවලින්, කමෙන්ට්වලින් ඇත්තටම ඔයා කවුද, ඔයා ගත කරන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා පේනවාද?

    ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

    හැනා.

    “සමහරු ලයික් ලැබෙනවා නම් ඕනම දෙයක් කරයි. ඔයාට ඇත්තටම ඕනෙ කැත විදිහට කතා කරන, අඳින, බොරු ෂෝ එක දාගෙන ඉන්න කෙනෙක් විදිහට අනිත් අය අතර ප්‍රසිද්ධ වෙන්නද? නැත්නම් අනිත් අය ගැන සැලකිලිමත්, හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්නද? ඇත්ත, ලයික් ලැබෙද්දී පොඩි ගැම්මක් එනවා තමයි. හැබැයි මතක තියාගන්න ඒ ලයික් වැටෙන්න ඕනෙ කටක් ඇරලා කියන්න පුළුවන්, ඔයා කරපු හොඳ දේවල්වලට.”—හැනා.

ෆලෝවර්ස්ලා, ලයික් එච්චරම වැදගත්ද?

ගොඩක් ෆලෝවර්ස්ලා ඉන්නවා නම් හුඟක් ලයික් තියෙනවා නම් ඒක තමයි සුපිරි තරුවක් වෙන්න ඕනෙම දේ කියලා හුඟක් අය හිතනවා. කලින් කතා කරපු මැතිව්ට හිතුණෙත් එහෙමයි. එයා මෙහෙම කියනවා:

“කවුරු හරි හම්බුණාම මං අහනවා ‘ඔයාට ෆලෝවර්ස්ලා කීදෙනෙක් ඉන්නවාද? ඔයාට ලැබිලා තියෙන වැඩිම ලයික් ගාණ කීයද’ කියලා. මගේ ෆලෝවර්ස්ලා ගාණ වැඩි කරගන්න මං අඳුරන්නේ ඇති අයවත් ෆලෝ කරනවා. එතකොට එයාලත් මාව ෆලෝ කරයිනේ. ඔන්ලයින් තරුවක් වෙන්න මට පුදුම ආසාවක් තිබ්බේ. මේ ඇප් හදලත් තියෙන්නේ ඒ ආසාව තව අවුළන්න පුළුවන් විදිහට.”

පින්තූරවල අදහස: 1. ෆෝන් එක දිහා බලන් ඉන්න යෞවනියක් එයාට ලයික් වැඩිපුර ලැබුණ එක ගැන සතුටු වෙනවා. 2. ඒ ගෑනු ළමයා කඩචෝරු ගොඩක් කනවා. 3. ටපස්සේ එයා බඩ අල්ලගෙන අමාරුවෙන් ඉන්නවා.

ඔන්ලයින් තරුවක් වෙන එක හරියට කඩචෝරු කනවා වගේ දෙයක්. කද්දී රස වුණාට ඕනෑවට වඩා කෑවොත් ඔයාට කිසිම හොඳක් වෙන්නේ නැහැ.

අවුරුදු 25ක් වයස මරියා කියනවා සමහරු තමන්ගේ වටිනාකම මනින්නෙත් එයාලට ඉන්න ෆලෝවර්ස්ලා ගාණෙන්, එයාලට ලැබෙන ලයික් ගාණෙන් කියලා. එයා මෙහෙම කියනවා:

“ගෑනු ළමයෙක් සෙල්ෆියක් දාලා ඒකට එච්චර දෙනෙක් ලයික් කළේ නැත්නම් එයා හිතන්නේ ‘මං හරි කැතයි, කවුරුත් මට කැමති නෑ’ කියලා. ඒක නෙවෙයි ඇත්ත. ඒත් හුඟක් අය හිතන්නේ එහෙම තමයි. අන්තිමට බලද්දී අනිත් අය මුකුත් කියලත් නෑ. එයාම එයාගේ හිත රිද්දගෙන.”

බයිබලයේ මෙහෙම කියනවා: “අපි අහංකාරකමින් ක්‍රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින් එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.”—ගලාති 5:26.

හිතන්න දෙයක්:

  • අනිත් අය ඉන්ටර්නෙට් එකේ දාන දේවල් බලලා ඔයා ඔයාව යාළුවෝ එක්ක සන්සන්දනය කරනවාද?

  • ඔයාට වැඩියෙන්ම වටින්නේ ඔයා ගැන සැලකිලිමත් වෙන හොඳ යාළුවෝ ඇති කරගන්න එකද නැත්නම් ෆලෝවර්ස්ලා ගාණ වැඩි කරගන්න එකද?

    ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

    ජොෂුවා.

    “හිණිපෙත්තටම ගිහින් ප්‍රසිද්ධ වෙන්න නං ඔයාට අනිත් අයව සතුටු කරන්න වෙනවා. අනිත් අයව සතුටු කරන්න නං ඔයාට එයාලා කැමති විදිහට වැඩ කරන්න වෙනවා. ‘එයාලා මං ගැන හිතන්නේ මොනවාද? එයාලගේ ලයික් ටිකක් ගන්න මං තව මොනවාද කරන්න ඕනේ?’ ඔන්න ඕවා තමයි වැඩිපුරම ඔළුවේ දුවන්නේ. යාළුවන්ගේ හිත දිනාගන්න ආස වෙන එකේ වරදක් නෑ. හැබැයි වරද තියෙන්නේ ඔයා ඕනාවට වඩා ඒකටම ඇලිලා ගැලිලා ඉන්න එක.”—ජොෂුවා.

බොරු නිහතමානිකමක් පෙන්නලා පම්පෝරි ගහන්න එපා!

ඔයා කවදා හරි දැකලා තියෙනවාද සමහරු තමන් කරපු, කියපු දේවල් ගැන හරිම අහිංසක විදිහට පම්පෝරි ගහනවා?

  • “මං අලුත් කාර් එක ගත්ත දවසේ ඉඳලා ‘අරහේ යමු, මෙහේ යමු’ කියලා කට්ටියගෙන් හරි කරදරේ.”

  • “හරි වදේ අනේ. කාවවත් හම්බෙන්න බෑ, කට්ටිය කියනවා ‘ඔයා කෙට්ටු වෙලා, ලස්සන වෙලා’ කියලා.”

එයාලා ඇඟටත් නොදැනී පම්පෝරි ගහනවා කියලා ඔයාට තේරුණාද?

පරෙස්සම් වෙන්න: ඒ විදිහට පම්පෝරි ගහන්න ගියොත් මිනිස්සුන්ට ඔයාව එපා වෙයි. මොකද එළිපිට පම්පෝරි ගහන අයට වඩා ඔය විදිහට පම්පෝරි ගහන අයට මිනිස්සු පොඩ්ඩක්වත් කැමති නැහැ.

ඊළඟ පාර ඔයා ෆොටෝ එකක්, පෝස්ට් එකක් දාන්න කලින් බයිබලේ කියලා තියෙන මේ දේ ගැන දෙපාරක් හිතලා බලන්න. “ඔබ ඔබටම ප්‍රශංසා කරගන්නවාට වඩා වෙනත් කෙනෙකු ඔබට ප්‍රශංසා කිරීම හොඳය.”—හිතෝපදේශ 27:2.

සාරාංශය: ඔන්ලයින් තරුවක් වෙන උගුලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?

  • ඔයා දාන ෆොටෝවලින්, කමෙන්ට්වලින් ඇත්තටම ඔයා කවුද, ඔයා ගත කරන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා පේන්න ඕනේ.

  • අනිත් අයව රවට්ටන්නේ නැතුව ඔයා ගැන ඇත්ත තොරතුරු විතරක් දාන්න.

  • ෆලෝවර්ස්ලා ගොඩක් ඉන්න එක, ලයික් වැඩියෙන් තියෙන එක තමයි වැදගත්ම දේ කියලා හිතන්න එපා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න