සෝදිසියෙන් ඉන්න!
මිලියන හයක් බිලිගත් කොරෝනා - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන විදිහට 2022 මැයි 23වෙනිදා වෙද්දී කොරෝනා නිසා මිලියන 6.27කගේ ජීවිත නැති වෙලා තියෙනවා. හැබැයි 2022 මැයි 5වෙනිදා එයාලා නිකුත් කරපු වාර්තාවක කියනවා ඒ ගාණ ඊට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන් කියලා. එයාලා කියනවා 2020 සහ 2021 වර්ෂ අතරතුරේදී “කෝවිඩ්-19 වසංගතය නිසා එහෙම නැත්නම් කෝවිඩ්වල අතුරු ආබාධ නිසා ගණන් බලලා තියෙන විදිහට මිලියන 14.9කගේ විතර ජීවිත නැති වෙලා තියෙනවා” කියලා. මේ වගේ හද කම්පා කරවන දේවල් ගැන බයිබලේ මොනවා හරි කියලා තියෙනවාද?
වසංගත ඇති වෙන බවට හෙළිදරව්වක්!
යේසුස් කිව්වා “අවසාන කාලය” කියලා හඳුන්වන කාලපරිච්ඡේදය අතරතුර හරිම භයානක, මාරාන්තික වසංගත ඇති වෙනවා කියලා.—2 තිමෝති 3:1; ලූක් 21:11.
යේසුස් කියපු දේ දැන් අපේ ඇස් පනාපිටම ඉටු වෙනවා. ඒ ගැන තව තොරතුරු දැනගන්න “‘අවසාන කාලය’ අඳුරගන්න තියෙන ලකුණ මොකක්ද?” කියන ලිපිය බලන්න.
බයිබලෙන් සහනයක්!
“සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.”—2 කොරින්ති 1:3, 4.
ආදරණීය කෙනෙක්ගේ මරණය නිසා වේදනාවෙන් ඉන්න හුඟක් අයට බයිබලෙන් සහනයක් ලැබිලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න “දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?” සහ “වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක්!” කියන ලිපි බලන්න.
ස්ථිර විසඳුමක්!
“ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!”—මතෙව් 6:10.
ළඟදීම “දෙවිගේ රාජ්‍යය” මේ පොළොව පාලනය කරන්න යනවා. (මාක් 1:14, 15) එදාට ‘කිසිම කෙනෙක් “මා ලෙඩින්” කියලා කියන්නේ නැහැ.’ (යෙසායා 33:24) ඒ ආණ්ඩුව ගැන තවත් විස්තර දැනගන්න ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.
බයිබලේ ගැන තවත් තොරතුරු දැනගන්න කියලා අපි ඔයාට ආරාධනා කරන්න කැමතියි. එතකොට ඒකේ තියෙන මඟ පෙන්වීම්වලින්, පුදුමාකාර පොරොන්දුවලින් ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ගොඩක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්.