alfa27/stock.adobe.com
යේසුස් අපරාධවලට තිත තියයි!
අපරාධ සහ අයුක්තිසහගත දේවල්වලට මූණ දෙද්දී දැනෙන වේදනාව කොච්චරද කියලා යේසුස් දන්නවා. මොකද ඔහුත් බොරු චෝදනාවලට, පහර කෑම්වලට, අසාධාරණ නඩු තීන්දුවකට සහ හරිම වේදනාකාරී මරණයකට මූණ දුන්නා. ඔහු කිසිම වරදක් කළේ නැතත් “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය” කැමැත්තෙන්ම පූජා කළා. (මතෙව් 20:28; යොහන් 15:13) දැන් දේවරාජ්‍යයේ රජ වෙලා ඉන්න යේසුස් ළඟදීම පොළොවේ සිද්ධ වෙන අයුක්තියට සහ අපරාධවලට සදහටම තිත තියනවා.—යෙසායා 42:3.
යේසුස් මේ පොළොව පාලනය කරද්දී ඒක මොන වගේ තැනක් වෙයිද කියලා බයිබලේ කියනවා:
“තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:10, 11.
යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි ඔහු දේශනා කරපු “දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” ගැන තවත් ඉගෙනගන්න එක. (ලූක් 4:43) ඒ ගැන දැනගන්න “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.