ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 101 ලිපිය
  • සමාව නොලැබෙන වරදක් තියෙනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමාව නොලැබෙන වරදක් තියෙනවද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • සමාව ලැබිය නොහැකි පාපයක් තිබේද?
    2003 පිබිදෙව්!
  • යෙහෝවඃ වහන්සේ අතිශයින් කමා වන සේක
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ කර තිබෙන්නේ සමාව ලැබිය නොහැකි පාපයක්ද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මා කර තිබෙන්නේ සමාව නොලැබිය හැකි පාපයද?
    1995 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 101 ලිපිය
තීන්දුවක් දෙන විනිශ්චයකරුවෙක්

සමාව නොලැබෙන වරදක් තියෙනවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

වරදකට දෙවියන්ගෙන් සමාව නොලැබෙන්නේ, කෙනෙක් දිගින් දිගටම යම් වරදක් කරනවා නම් සහ ඒ වරද හදාගන්න කිසිම උනන්දුවක් දක්වන්නේ නැත්නම් විතරයි. කෙනෙක් ඒ වගේ තත්වයකට පත් වෙන්න පුළුවන් කොහොමද?

කෙනෙක් තමන්ගේ වැරදි ගැන පසුතැවිලා, දෙවියන්ගේ ප්‍රමිති අදාළ කරගෙන යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරනවා නම් දෙවියන් ඔහුට සමාව දෙනවා. (ක්‍රියා 3:19, 20) ඒත් සමහර අය තමන් හිතන පතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගන්නේ නැතුව දිගින් දිගටම වැරදි කරනවා. බයිබලයේ කියන්නේ ඒ අයගේ හදවත් “දුෂ්ට තත්වයකට” පත් වෙලා තියෙනවා කියලයි. එහෙම වෙලා තියෙන්නේ ඒ අය ‘පාපයේ මුළා කරවන බලපෑමට හසු වී තමන්ගේ සිත් දැඩි කරගෙන’ ඉන්න නිසයි. (හෙබ්‍රෙව් 3:12, 13) පෝරණුවක දාලා පුච්චපු මැටි භාජනයක හැඩය ආයෙත් වෙනස් කරන්න බැහැ වගේ ඒ අය හිතන පතන විදිහත් වෙනස් කරන්න බැහැ. ඒ අය දිගින් දිගටම වැඩ කරන්නේ දෙවියන් කියලා තියෙන දේවල්වලට පටහැනිවයි. (යෙසායා 45:9) ඒ වගේ අයට දෙවියන් සමාව දෙන්නේ නැහැ කියලා බයිබලයේ සඳහන් වෙනවා.—හෙබ්‍රෙව් 10:26, 27.

යේසුස්ගේ කාලයේ හිටිය සමහර යුදෙව් ආගමික නායකයන් සමාව නොලැබෙන වැරදි කළා. යේසුස් ආශ්චර්යයන් කළේ දෙවියන්ගේ බලයෙන් කියලා දැනගෙන හිටියත් ඔවුන් කිව්වේ යේසුස් ඒ දේවල් කළේ යක්ෂයාගේ බලයෙන් කියලයි.—මාක් 3:22, 28-30.

සමාව ලබාගන්න පුළුවන් වැරදි තියෙනවා

  • නොදැනුවත්කම නිසා දෙවියන්ට අපහාස කරන එක. යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පාවුල් කාලයක් දෙවියන්ට අපහාස කළ කෙනෙක්. ඒත් ඔහු ඒ ගැන කිව්වේ මෙහෙමයි. “මා ඒ සියල්ල කළේ නොදැනුවත්කමින්ය. මට කිසි විශ්වාසයක් තිබුණේ නැත. ඒ නිසා මට දයාව පෙන්වන ලදි.”—1 තිමෝති 1:13.

  • අනාචාරය. අතීතයේ හිටිය, අනාචාරයේ යෙදුණ සමහර අය තමන්ගේ ජීවිත වෙනස් කරගෙන දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න පටන්ගත්තට පස්සේ ඔවුන්ට සමාව ලැබුණා.—1 කොරින්ති 6:9-11.

“මගේ වැරදිවලට සමාව ලැබෙන්නේ නැති වෙයිද?”

ඔයා කරලා තියෙන වැරදි ගැන අවංකව පසුතැවිලා තවදුරටත් ඒ වැරදි නොකර ඉන්න උත්සාහ කරනවා නම් ඔයාටත් අනිවාර්යයෙන්ම සමාව ලැබෙනවා. සමහරවිට ආයෙත් කිහිප වතාවක්ම ඔයා අතින් ඒ වරද වෙන්න පුළුවන්. ඒත් ඔයා නිහතමානී වෙලා ඒ වරද හදාගන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා නම් ඕන වෙලාවක ඔහු ඔයාට උදව් කරයි.—යෙසායා 1:18.

සමහර අය තමන් ඉස්සර කරපු වැරදිවලට සමාව ලැබෙන්නේ නැති වෙයි කියලා හිතලා ඒ ගැන කලකිරීමෙන් ඉන්නේ. ඒත් බයිබලයේ කියන්නේ අපේ හිතට එන හැම දෙයක්ම විශ්වාස කරන්න එපා කියලයි. (යෙරෙමියා 17:9) කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න දෙවියන් අපිට අවසර දීලා නැහැ. ඒ කියන්නේ අපි අපිවම විනිශ්චය කරගන්න එකත් වැරදියි. (රෝම 14:4, 12) අපේ හිත අපිට දොස් කිව්වත් දෙවියන් අපිට සමාව නොදී ඉන්නේ නැහැ.—1 යොහන් 3:19, 20.

යූදස් ඉස්කාරියොත් කළේ සමාව නොලැබෙන වරදක්ද?

ඔහු කළේ සමාව නොලැබෙන වරදක්. සේවය වෙනුවෙන් සම්මාදම් කරපු සල්ලි තමන්ට ලබාගන්න ඔහු තුළ කෑදරකමක් ඇති වුණා. දුප්පත් අය ගැන සැලකිලිමත් වෙනවා කියලා බොරුවට මවාපෑව ඔහුට ඕන වුණේ සම්මාදම් පෙට්ටියට වැටෙන සල්ලි හොරෙන් ගන්නයි. (යොහන් 12:4-8) සල්ලිවලට තිබ්බ කෑදරකම එන්න එන්නම වැඩි වුණ නිසා අන්තිමේදී ඔහු යේසුස්ව රිදී කාසි 30කට පාවා දුන්නා. යූදස් ඉස්කාරියොත් කවදාවත් තමන් කරපු වැරදි ගැන අවංකව පසුතැවෙන්නේ නැහැ කියලා යේසුස් දැනගෙන හිටියා. ඒකයි ඔහු යූදස්ව “විනාශ වන තැනැත්තා” විදිහට හැඳින්නුවේ. (යොහන් 17:12) යූදස් මිය ගියාට පස්සේ ඔහුට අත් වුණේ සදාකාල විනාශයයි. ඒ කියන්නේ ඔහුට කවදාවත් නැවත ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන එකයි.—මාක් 14:21.

යූදස් තමන් කරපු වැරදි ගැන කිව්වේ ඔහු එක්ක එකතු වෙලා යේසුස්ට ද්‍රෝහිකම් කරපු පූජකයන් එක්ක මිසක් දෙවියන් එක්ක නෙමෙයි. අවංකව පසුතැවිලා තමන්ගේ වැරදි හදාගන්න ඔහුට වුවමනාවක් තිබුණේ නැහැ කියන එක ඒකෙන් පැහැදිලි වෙනවා.—මතෙව් 27:3-5; 2 කොරින්ති 7:10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න